ජාතික යොවුන් වේදිකාව මතින් ‘පිරිසිදු හරිත නගර’ ගොඩනැඟීම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක ‘ජාතික යොවුන් වේදිකාව’ වැඩසටහන යටතේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ‘පිරිසිදු හරිත නගර’ ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

රට තුළ ඇති තරුණ ජවය විදහාපෑමට ගත් එක් කර්තව්‍යයක් ලෙස මෙය හැදින්විය හැක.

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තෝරාගත් එක් නගරයක් පිරිසුදු කිරීම මේ වැඩසටහනේ මූලික අදියරේදී සිදු කෙරෙන අතර, එළඹෙන පෙබරවාරි 03 වන දින සිට 10 වන දින දක්වා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335 තුළ ම 50,000ක් වූ තරුණ පුද්ගලයන්ගේ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් නගර පිරිසුදු කිරීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...