මානසික රෝගීන් අපරාධ කරුවන් ලෙස හංවඩු තබන දේශපාලනඥයන්ගේ කතා පිළිගත හැකිද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

Date:

සමාජ විරෝධී පෞරුෂ ආබාධය (Antisocial personality disorder ) නමින් හැඳින්වෙන මානසික අර්බුදයෙන් පෙළෙන්නවුන් සමාජ විරෝධී ක්‍රියාවන්ට සේම විවිධ අපරාධ වලට ද සම්බන්ධ වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. යමකු තුළ එවන් තත්වයක් හට ගැනීමට ළමා විය හා සම්බන්ධ අහිතකර මානසික බලපෑම් ආදී බහුවිධ සාධක ඉවහල් වන බව ද සනාථ වී ඇත.

නමුදු මෙය හුදෙක් මානසික රෝගයක් නොවන පෞරුෂමය ආබාධයක් වනඅතර එම තත්වය ද නිවැරදිව අනාවරණය කළ හැක්කේ විධිමත් මනෝ විශ්ලේෂණයකින් පමණි.නමුදු ඉහත සඳහන් පසුබිම යටතේ යමකු තමන් ගේ දේශපාලනමය අරමුණු ඉටු කර ගැනීම පිණිස හෝ තමන්ට එරෙහි දේශපාලන බලවේග යටපත් කිරීම පිණිස හෝ පොදු සමාජයේ දයානුකම්පාවට සුරක්ෂාවට නතු විය යුතු මානසික රෝගීන් හුදෙක් අපරාධ කරුවන් ලෙස සමාජය හමුවේ හුවා දැක්වීම ඔස්සේ ඔවුන් සිදු කරන එක්තරා ප්‍රබල කාරියක් තිබේ. එනම් තමන් ගේ නිර්ලජ්ජී භාවය පදනම් කරගත් සදාචාරාත්මක නිර්වස්ත්‍ර භාවය මුළුමහත් සමාජය හමුවේම ප්‍රදර්ශනය කිරීම ය.ඒ අනුව මනෝ වෛද්‍ය විද්‍යා විෂය පථය හා සම්බන්ධ වූවන් ලෙස එක් දෙයක් පැහැදිලිවම අවධාරණය කළ යුතු ය.එනම් පටු අරමුණු සඳහා සිදු කරන දේශපාලන ජාවාරම් වල දී මානසික සෞඛ්‍යය සම්බන්ධ කරුණු අවභාවිතා නොකරන ලෙස ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...