යුරෝ මිලියන 26000 ක් !- ඔබටත් හොඳ අවස්ථාවක් !!

Date:

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ (EU) ERASMUS Plus වැඩසටහන යටතේ අරමුදල්, ශිෂ්‍යත්ව හා පහසුකම් ලබා ගැනීම පිණිස

අදාල පාර්ශවයන් පුහුණු කරනු ලබන නේවාසික නොවන තුන් දින පුහුණු වැඩසටහනක් 2023 පෙබරවාරි මස 16,17,18 දිනවල ජාත්‍යන්තර උපදේශකයින් විසින් කොළඹදී සංවිධානය කර තිබේ.

වසර 2021-27 කල සීමාව සඳහා යුරෝ මිලියන 26000 ක් යුරෝපා සංගමය විසින් මේ වෙනුවෙන් වෙන් කර ඇති අතර යුරෝපා සංගමයට අයත් රටවල් සමග සම්බන්ධවෙමින් සුදුසු ව්‍යාපෘති සිදු කිරීමට ශ්‍රී ලංකාවටද අවස්ථා ලබා ගත හැකි බව ‘උසස් අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය’ (
International Center for Higher Education – ICHE Sri Lanka) හි ජාත්‍යන්තර උපදේශකයින් පවසති.

දේශගුණික විපර්යාස, තරුණ හා කාන්තා සංවර්ධනය මෙන්ම ඩිජිටල්කරණය මෙම වැඩසටහනේ ප්‍රමුඛතා වන අතර වැඩි අවධානයක් උසස් අධ්‍යාපනයට යොමු කර ඇත. රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන, වෙළඳ මණ්ඩල, පාසල් හා රාජ්‍ය නොවන ස්වේච්ජා ආයතන ලෙස මෙන්ම පෞද්ගලිකවද මෙම අරමුදල් හා ශිෂ්‍යත්ව වලට අයදුම් කල හැක. පසුගිය දශක කිහිපය තුල ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල කථිකාචාර්ය වරුන් මෙම අරමුදල් වලින් ප්‍රයෝජන ලබා ඇත.

මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හා දින තුනේ උක්ත පුහුණුව සඳහා ලියාපදිංචි වීමට උනන්දුවක් දක්වන්නේ නම් www.ichesrilanka.org වෙබ් අඩවියට පිවිසිය හැක.

ICHE Sri Lanka යනු ශ්‍රී ලංකාවේ සැමට උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් ක්‍රියා කරන පෞද්ගලික ආයතනයක් වන අතර මේ වනවිට ERSMUS Plus ප්‍රවර්ධන මෙහෙයුමක් ලාභ අපේක්ෂාවෙන් තොරව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන වසරකට පෙර පැවැත්වීමට නියමිතව තිබුනද ලංකාවේ පැවති තත්වය අනුව කල් දැමීමට සිදුවිය.

මේ පිළිබඳව කරණ ලද online සැසිය https://www.youtube.com/watch?v=SmIPDDlF42Q&t=756s මගින් හා නිල වෙබ් අඩවිය මගින් යුරෝපා සංගමයේ මෙම ERASMUS Plus වැඩසටහන පිලිබඳ මුලික අවබෝධයක් ලබා ගත හැක.

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...