ස්වාධීන කොමිසමක කාර්යභාරය ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීම නොවෙයි: PUCSL ජනක

Date:

ස්වාධීන කොමිෂන් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මාධ්‍ය හමුවක දී තමා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පෞද්ගලික සභාපතිධූරයක් ඉල්ලූ බවට පැවසීම සාවද්‍ය බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (29) දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේය.

ඒ බව වැඩිදුරටත් පැවසූ ජනක රත්නායක මහතා;

“මේ වගේ ස්වාධීන කොමිසම් සභාවලින් දෙන තීරණ නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම, කොමිසම් සභාවල ස්වාධීනත්වයට නිගරු කිරීමක් ඒ අනුව හෙට දිනයේ සිට මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර අපි ගන්නවා.

මේක කළමනාකරණය නොකර තමන්ට ඕන කැබිනට් තීරණය බලෙන් අපි ලවා කරවා ගන්න අසාධාරණ විදියට විදුලිබිල සංශෝධනය කරලා, මහජනතාවගේ මුදල් ලබාගැනීමට තමා මේ කටයුත්ත කරන්නේ මේ ඇමතිවරයා. සිසුන්ට අවශ්‍ය විදුලිය ලබාදීමට ඇමතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා තමා එක එක ප්‍රශ්න ගේන්නේ.

ඇමතිගේ භාෂාවෙන්ම කිව්වොත් අපිව බිත්තියට තල්ලු කරලා ගන්න හදනවා. ඒක නම් හරියන්නේ නෑ.

මම එක දේශපාලන පක්ෂයකවත් සම්බන්ධ නෑ. එතුමා වගේ මම අලියාගේ වලිගයේ එල්ලිලා යන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කිසිම දේශපාලන බැඳීමක් නැතුව කොමිසමේ රාජකාරි ස්වාධීනව කරගන්න තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ගෙන් සහයෝගය ලැබෙනවා. මොකද එතැන ඉන්නේ උගත් බුද්ධිමත් අය. එයාලව රවට්ටන්න බෑ. දේශපාලන ප්‍රෙෂර් එකට පොඩ්ඩක් එහෙ මෙය වෙයි. පස්සේ තේරුම් ගන්නවා.

ඇමතිවරයා විදුලිබල මණ්ඩලය කතා කරන්නේ කිසිම දත්තයක් නැතුව. අපි කතා කරන්නේ දත්ත පදනම්ව. විද්‍යාත්මක විදියට මේක කළ යුතුයි කියලා. මෙතැන තියෙන්නේ දේශපාලන අධිකාරියේ අත්තෝනමතික ක්‍රියාවලිය පාවිච්චි කරලා ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා, ඒක මහජන උපයෝගීතා කොමිසමට දාලා තමා ගන්න යන්න. මේක ගන්න යන්නේ ඒකක 30 – 60ක් පාවිච්චි කරන ආර්ථික ප්‍රශ්නවල මිරිකිලා ඉන්න ජනතාවගෙන් තමා බිලියන 100ක් ගන්න යන්නේ. මේක අසාධාරණ ක්‍රියාවලියක්. අපි සාධාරණ ක්‍රමයට ගණනය කරලා ඇවිල්ලා තියෙන යෝජනාව ඉදිරියේ දී අපි කටයුතු කරනවා. ඉල්ලන ඉල්ලන විදියට අපි CEB එකට මේක දෙන්නේ නෑ.

ස්වාධීන කොමිසම් තියෙන්නේ, හරියට මේක කළමනාකරණය කරලා නියාමනය කරන්න. ඒ අවස්ථාව මේ අය ලබාදෙන්නේ නෑ. හැම එකටම දේශපාලන මැදිහත්වීම් කරනවා.

ප්‍රශ්නය – කංචන විජේසේකර ඇමතිවරයා කළ චෝදනාවක් තමා පෞද්ගලික බැංකුව සභාපතිධූරයක් සඳහා ඔබතුමා ඉල්ලීමක් කරා කියලා ගෝඨාභය මහත්තයාගෙන්. ඒක ප්‍රතික්ෂේප වුණා ද?

“එතැන හිටිය සභාපතිවරයා එතැන වෘත්තීය සමිති එකතු කරගෙන මට ඒක ලබානොදුන්න නිසා තමයි එතුමා මට මේක දුන්නේ. මට කොමිසම දෙද්දි එක කොන්දේසියක් දැම්මා. ඒ කොන්දේසිය තමා මහජන උපයෝගීතා කොමිසමට අත තියන්න බෑ කියලා. ඒක වෙනස් කරන්න බෑ කියන කොන්දේසිය මට ලිඛිතව තියෙනවා. ඒ සාක්ෂි මං ළඟ තියෙනවා. ඒ වට්ස්ඇප්වල සාකච්ඡා ඔක්කෝම මගේ ළඟ තියෙනවා ලිඛිතව. ඒ නිසා කවුරුත් කියන ඒවා භාරගන්න එපා. මේවා විහිළු කතා. ඒ නිසා එතුමා කතා කරනවා නොදන්න බැංකුවක් ගැන. නොදන්න දේවල් විදුලිබලය වගේ, බැංකු ගැන දන්නෙත් නෑ, මුල්‍ය ගැන දන්නෙත් නෑ, හර බැර ගැන දන්නෙත් නෑ. මෙලෝ දෙයක් දන්නේ නැති ඇමතිවරයෙක් දා ගත්තහම සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කනවා නේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වහාම ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : වහාම ක්‍රියාත්මක වන...

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...