*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ඉතාම කෙටි කාලයක් තුළ ආයෝජනවලට ගැළපෙන ඉඩම් නිදහස් කර ගැනීමට ක්‍රමවේදයක් !

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු වූයේ, මෙරට ආයෝජන ආරම්භ කිරීමේදී ආයෝජකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ඉඩම් කඩිනමින් නිදහස් කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් (6) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබුණේ; සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශය යන ආයතන නියෝජනය කරන නිලධාරීහුය.

මධුර විතානගේ මහතා පවසන්නේ මෙරට ඉඩම් නිදහස් කිරීමේදී පවතින සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙන් ඒ සදහා බොහෝ කාලයක් ගතවීමත් ආයෝජකයන් අපහසුතාවට පත්වීමත් බරපතල ගැටලුවක් බව මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. එම නිසා අයෝජන අවස්ථා පහසුකර ඇති කලාපීය වෙනත් රටවලට එකී ආයෝජන ඇදීයාම වැළැක්විය නොහැකි බවයි.

රජයට අයත් මෙරට ඉඩම් හිමිකාරීත්වය සහ ඒවායේ නෛතික කටයුතු සම්බන්ධයෙන් ආයතන ගණනාවක් අණපනත් කිහිපයක් යටතේ වෙනම පැවතීමත්, එම ආයතන අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීමත් බරපතල ගැටලුවක් බවත් කාරක සභාවේදී සාකච්ඡා විය. මේ නිසා ඉඩම් වර්ගීකරණය සිදුවිය යුත්තේ එම ඉඩම් පාලනය වන ආයතන අනුව නොව ආයෝජනයට සුදුසු එක් එක් ක්ෂේත්‍රවලට අදාළ වර්ගීරණයක් තුළ බව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

එසේම මෙරට ඉඩම් පිළිබද නිවැරදි දත්ත සම්පූර්ණකර නොමැති වීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව නිවැරදි දත්ත නූතන ඩිජිටල් තාක්ෂණය තුළ එක් ස්ථානයකට ගෙන ඉතාම කෙටි කාලයක් තුළ ආයෝජනවලට ගැළපෙන ඉඩම් නිදහස් කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කාරක සභාවේ අදහස විය.

කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්නේ, පවතින නෛතික ප්‍රතිපාදන තුළ වුවද ආයෝජන සදහා අවශ්‍ය ඉඩම් ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, අදාළ ආයතනවල නිලධාරීන් කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි. මෙහිදී කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීමට ක්‍රියාත්මක ක්‍රමවේදය කාරක සභාව හමුවේ පැහැදිලි කරනු ලැබීය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan