ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක්වත් නෑ – ජී.ඇල්.

Date:

ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.

මහනුවර සංචාරයක නිරතවෙමින් සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පීරිස් මහතා සඳහන් කළේ ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව නොව, ඉතිරි වී තිබෙන වසර 03 ක කාලය තුළදී ජනතාවට පොරොන්දු වූ සියලු දේ ලබාදීම ආණ්ඩුවේ එකම අභිප්‍රාය බවයි. ඒ හැර වෙනත් කිසිවක් සම්බන්ධයෙන් අවධානය යොමුව නොමැති බවද ඔහු පවසනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ පාර්ලි‍මේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ කොවිඩ් නිසා අහිමි වූ වසර දෙකක කාලය ජනාධිපතිවරයාටත් වත්මන් පාර්ලිමේන්තුවටත් ලබාදිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී අදහස් දක්වා තිබිණි.

විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා වැඩිදුරටත් පවසන්නේ කල්‍යාණ මිත්‍ර රටවල් සිටින තෙක් කිසිවිටෙකත් ශ්‍රී ලංකාව අසරණ නොවන බවයි. ඉන්දියාව, චීනය ඇතුළු මිත්‍ර රටවල් රැසක් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති බවත්, මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර ඇති කරගත් එකඟතා මත ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් බාලිහි ගුවන් ගමන් ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆ්ලෝරස්...

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...

මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි...

ඊශ්‍රායලය, ඉරාන ආරක්ෂක ඒජන්සියට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ගුවන් හමුදාව...