*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

වැඩිම ආහාර ආහාර අනාරක්ෂිතභාවය ඌව පළාතෙන් 43% යි – ලෝක ආහාර වැඩසටහන

ලෝක ආහාර වැඩසටහන සඳහන් කරන ආකාරයට , ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර ඇති අතර, ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බවයි .

ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එය 43%කි.

අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි.

වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද වාර්තා කරයි.

අනෙක් පළාත් ගත්විට සබරගමුව 38%ක්, මධ්‍යම 34%ක්, නැගෙනහිර 33%ක්, බස්නාහිර 33%ක්, දකුණ 31%ක්, වයඹ 30%ක්, උතුරු මැද 29%ක් වශයෙන් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා ඇති බව වාර්තා වී තිබේ.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක සම්පත් අසේල මහතා පවසන්නේ ජනතාව වැඩි වශයෙන් ආහාරයට ගන්නා පාන් රාත්තල නියමිත බරට අනුව නිෂ්පාදනය නොකරන බවත් භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදී නොමැති බවත්ය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan