*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

ඖෂධ හිඟයට පිළියම් ලැබේවි ද…?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ රෝහල් වලට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග වල ඇති හිඟය දිනෙන් දින ඉහළ යන බවත් එයට ඉතාමත් ඉක්මනින් පිළියම් සෙවිය යුතු බවත්ය. නමුත් එය එන්න එන්නම උග්‍ර අතට හැරෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

ඖෂධ වර්ග 1,300ක් පමණ තිබුණත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ත් 150ත් අතර ප්‍රමාණයක හිඟයක් පවතින බවත්, ඇතැම් ඖෂධවල අතිරික්තයක් පවත්වාගෙන යන්නේ ඉතා සීමිත ප්‍රමාණයකින් පමණක් බවත් එම සංගමය පෙන්වා දෙයි.

රෝහල් වල පවතින මෙම බෙහෙත් හිඟයත් සමග රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති අතර පෞද්ගලික ඔසුසැල්වලින් ද ඖෂධ ලබා ගැනීමට නොහැකි තරමට ඖෂධවල මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

මෙවන් විශාල ප්‍රශ්නයක් ඇති පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ වෛද්‍ය උපදෙස් මත කල් දැමිය හැකි ශල්‍යකර්ම රජයේ රෝහල්වලදී සිදුකිරීම කෙටි කාලයකට කල් දැමීමට තීරණය කළ බවයි. අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

මෙවන් පසුබිමක ශල්‍යකර්ම සිදුකරගැනීමට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින අතර ඔවුන් ඒ පිළිබඳ කණස්සල්ල ප්‍රකාශ කරයි.

“මේ හොස්පිටල් එකට එන අයට මේකේ ලැබෙන්නේ ඇඳයි, බ්ල්ඩින් එකයි, වෛද්‍යවරුන්ගේ සහායෝගයයි විතරයි. අනිත් සියලුම බෙහෙත් පිටින් ගෙන්න වෙලා. මහ දුකක් මිනිස්සු විඳින්නේ. හැබැයි බදු ගෙවන්නත් වෙලා සල්ලිත් නෑ. ඒ නිසා කරුණාකරලා මේ ශල්‍යකර්මවල අත්‍යවශ්‍ය නොවන කතාවක් නෑ.. ඒවා කළ යුතුමයි.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, නියෝජ්‍ය ලේකම්, වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසන්නේ මෙවන් දෙයකි.

“ශල්‍යකර්ම ඒ අවශ්‍ය වෙලාවට නොකිරීම හරහා, අපි ගත්තොත් හර්නියා ශල්‍යකර්මයක් නොකර සිටීම හරහා යම් මොහොතක ඒ රෝගීයාගේ ජීවිතය අවදානමට ලක්වෙන් පුළුවන්. ඒ වගේම තව ශල්‍යකර්ම ගණනාවක් තියෙනවා. එවැනි ඒවට තමයි මේ කියන්නේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම නැතිනම් ජීවත ආරක්ෂක නොවන ශල්‍යකර්ම කියලා. වචන හරඹයක් සිද්ධකරනවා මේක non-essential නැත්නම් essential නැත්නම් urgent නැත්නම් non-urgent කියලා. ශල්‍යකර්මයක් නොකිරීම හරහා අදාළ පුද්ගලයා ලක්වන මානසික පීඩනය සහ ආතතිය යම් දවසක මේ ශල්‍යකර්ම එකවර කරන්න සිදුවුණොත් ඒ හරහා සිදුවන ගැටලුවට කව්ද වගකියන්නේ ?”

එමෙන්ම ඉන්දීය ණය ආධාර පහසුකම ලබාදී වසරක කාලයක් ගෙවී ඇතත්, ඒ යටතේ ගෙන්වන ඖෂධ වලින් 80%ක් මෙරට තුළ ලියාපදිංචි කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. මේ සියලු කාරණා හමුවේ අවසන් ප්‍රතිඵලය ලෙස රෝගීන්ගේ ජීවිත අනතුරේ වැටී තිබීම නොසළකා හැරිය නොහැකිය.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan