*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

මුද්‍රණාලයාධිපතිනියයි මුදල් ලේකමුයි හිරේ යන්න ලෑස්ති වෙන්න! (VIDEO)

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ භාණ්ඩාගාර ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අල්ලේ නැටවෙන තත්ත්වයකට පත්ව ඇති බව ඉකුත් දින මැතිවරණය කල් දැමීම සඳහා ඔවුන් විසින් ක්‍රියා කළ අන්දම අනුව පැහැදිලි වන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) දින කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට ව්‍යවස්ථාව උත්තරීතර බවත්, ඊට පහළින් තිබෙන චක්‍රෙල්ඛ උත්තරීතර නොමැති බවත් පවසන මරික්කාර් මන්ත්‍රීවරයා, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කර තිබෙන මෙම අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාවේ නියමයන් පරිදි ක්‍රියා කිරීම භාණ්ඩාගාර ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ වගකීම විය යුතු බව පැහැදිලි කළේය.

මුද්‍රණ කටයුතුවලට මුදල් ලබා නොදෙන්නේ නම් එළඹෙන මැතිවරණයට ඡන්ද ප්‍රත්‍රිකා මුද්‍රණය කිරීම සිදුනොකරන බව මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කරන්නේ නම්, පසුගිය මැතිවරණයන් වලදී මුද්‍රණාලයේ මුද්‍රණ කටයුතු සිදුවූයේ කෙසේදැයි එතුමිය විසින් පරීක්ෂා කළ යුතු අතර, එම අවස්ථාවලදී නිකුත් කර තිබෙන්නේ අත්පිට මුදල් නොව ක්‍රමානුකූලව බැරකරන ලද වියදම් බව ද හෙතෙම සිහිපත් කළේය.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අමතමින් මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුවේ මෙවන් දෙයකි.

“දැන් ඔයා මේ වෙනකොට රු. මිලියන 100ක් (ලක්ෂ 1000ක්) මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට වියදම් කරලා තියනවා. එතකොට මේ මැතිවරණ කොමිසමට දැන් ඔයාට මුදල් ගෙවන්න බැරි නම්, එහෙනම් කලින් ඒ මුදල් ගෙව්වේ ඇයි? එහෙනම් කියන්න ඕන මැතිවරණ සඳහා රුපියලක් වත් දෙන්න බෑ කියලා. එනිසා රාජ්‍ය මුදල් ලක්ෂ 1000ක් ඔයා නාස්ති කරලා තියනවා.

අනික් පැත්තෙන් ඔයා සල්ලි ගෙවන්නැත්තම් රජයේ ව්‍යවස්ථාව කඩනවා චක්‍රලේඛයට මුවාවෙලා. එනිසා රටේ ව්‍යවස්ථාව කඩනවා නම් ඔයාටත් කියන්න තියෙන්නේ අනුෂ පැල්පිටවයි, ලලිත් වීරතුංගවයි, පී.බී. ජයසුන්දරයි මතක් කර ගන්න කියන එක.”

ඒ අනුව, භාණ්ඩාගාර ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු කරන්නේ නම් වසර තුනක් දක්වා සිරදඬුවම් විඳීමට සූදානමින් සිටිය යුතු බව ද සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එමෙන්ම, ව්‍යවස්ථාව රකින බවට හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන බවට පවසමින් බලයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ඉතිහාසයේ කවරදාකවත් සිදුනොවූ පරිදි ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම නවතා දැමීමට කටයුතු කර ඇති බවට පෙන්වා දෙන මරික්කාර් මන්ත්‍රීවරයා, යන එන ගමන් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව මධ්‍යයේ ගමන් කළාට ජනමතයට ගරු කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බව ද සිහිපත් කර සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan