ශ්‍රී ලංකා කාන්තාවන්ට රිදී සහ ‍ලෝකඩ පිරිමි කාන්තා රන් පදක්කම් දෙකම ප්‍රංශයට

Date:

මීගමුව වෙරළ තීරයේදී මීට ටික වේලාවකට පෙර නිමාවු දුටු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කළ සිව්වන ලෝක ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි සූරතා ද්විත්වයම ප්‍රංශය දිනා ගැනීමට සමත් විය.


කාන්තා අවසාන තරගයේදී ප්‍රංශයේ ඇලේන් චමොරොව් සහ ක්ලෙමන්ස් වෙයිරා අතින් පරාජයට පත් වූයේ ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ කසුනි තාරකා ලකෂානි යි.ඇලේන් සහ ක්ලෙමන්ස් එහිදි පිට පිටම වට දෙකම ජය ගත්තේ ලකුණු 21 – 09 සහ 21 – 14 ක් ලෙස ය.මෙහිදී දිනේෂා ප්‍රසාදිනි සහ ජේඩබ්ලිව්පී තුෂාරි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
පිරිමි තරග අංශයේදී සූරතාවය සඳහා අවසන් සටනේදී හමු වූයේ ජර්මණිය සහ ප්‍රංශය ය.එහිදී ජර්මනියේ ලකාස් සහ රොබින් හොඳ සටනක් ලබා දුන්නද අවසාන ප්‍රතිපලය වූයේ වට 2 -1 ලෙස පංශයේ ඔලිවර් සහ සැමුවෙල ජය ගැනීමය.21- 19,17 – 21 සහ 15 – 10 ක් ලෙස එම ජයග්‍රහණය වාර්තා කරන්නලෙිවර් සහ සැමුවෙල් සමත් විය.ජර්මණිය එහි ලෝකඩ පදක්කම ද දිනා ගත් අතර එය හිමි කර ගත්තේ පෝල් හා ස්වෑන් ය.
දැඩි ආර්ථික හා සමාජීය ප්‍රශ්න ගණනාවකින් පිඩා විඳිමින් සිටින රටක ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් සාර්ථකව සංවිධානය කරන්නට ගුවන් හමුදාවට හැකිවීම අගය කළ යුතුය.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...