ජන අරගලයට ලෑස්ති වෙන්න – සජිත් කියයි.

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා ජන අරගලයක් ආරම්භ කරන බවයි. කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ එම ජන අරගලය හෙටින් ආරම්භ වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසන්නේ, රටට අවශ්‍ය විදෙස් මුදල් සොයා ගැනීම සඳහා අකමැත්තෙන් වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකගවීමට සිදුවන බවත් විපක්ෂය නියෝජනය කරන කිසිඳු නායකයෙකුට ඍජු තීරණ ගැනීමට නොහැකි බවත් මාලිගාවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පැවසූවේය.

වව්නියාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ ආණ්ඩුවක් පිහිටුවා වංචා දූෂණ නතර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ දූෂණ, වංචා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...

මිලියන 202කට අධික කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ...

හරක් කටාගේ නඩුවක් විභාගයට දින!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : නදුන් චින්තක...

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...