පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට හිමිවෙයි

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තියේ සඳහන් වන පරිදි මැතිවරණයකින් පත්වන පාර්ලිමේන්තුවක් පළමු වරට රැස්වීමෙන් අනතුරුව වසර දෙකකුත් මාස හයක කාල සීමාවකට පසු ජනාධිපතිවරයාට අවශ්‍ය නම් එය විසුරුවා හැරීමේ හැකියාව පවතී.

නව වැනි පාර්ලිමේන්තුව මංගල සභාවාරය එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබුවේ 2020 අගෝස්තු 20 වනදා ය. ඒ අනුව, එම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථානුකූලව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...