QR කේත ක්‍රමය අවසන් වන ලකුණු …

Date:

ඉදිරි මාස තුනක කාලය තුළ ,ඉන්ධනහල් මඟින් ඉන්ධන නිකුත් කිරීමට භාවිත වන QR කේත ක්‍රමය ඉවත් කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සඳහා නව සමාගම් තුනක් ඉදිරි මාස තුනක කාලය තුළ රට තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර , මෙම සමාගම් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ මෙතෙක් කලක් ක්‍රියාත්මකව පවතින QR කේත ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බව අමාත්‍යවරයා පැවසීය.

ඉන්පසු පාරිභෝගික අවශ්‍යතාව මත අවශ්‍ය ප්‍රමාණයකට ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙන අතර, නව සමාගම් තුනත් සමඟ සමාගම් පහක් රට තුළ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවි කටයුතු සිදු කරනු ඇත.

තරගකාරී මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසන අතර , ටෙන්ඩර් පටිපාටිය අනුව තෝරාගත් නව සමාගම් තුනක් සමඟ රජයේ හිමිකාරිත්වය සතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළුව සමාගම් පහක් ඉන්ධන ආනයනය, අලෙවි කටයුතුවල නිරත වනු ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම