*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

උස්බෙකිස්තාන් යන්න හයක්

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති පස්වන යොවුන් ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනයට සුදුස්සන් තේරීමේ තරගයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් එම තරගාවලියට සුදුසුකම් ලැබුවා.පළමු දිනයේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් සුදුසුකම් ලබා ගත් අතර දෙවන දිනය වූ ඊයේ එකම පාසලේ එකම පුහුණුකරු යටතේ පුහුණුවීම් ලබන ක්‍රීඩිකාවන් දෙදෙනෙක් එකම ඉසව්වකින් එකම කාලය වාර්තා කරමින් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අතරින් නිර්මලී වික්‍රමසිංහ ඉකුත් යොවුන් තරගාවලියට ද සහභාගි වී මීටර් 800 ඉසව්වේ රිදී පදක්කම දිනූ ක්‍රීඩිකාව විය.මේ වසරේදි ඇය මීටර් 800 ඉසව්වේදි සුදුසුකම් ලබා නොගත්තද මීටර් 1500 ඉසව්වේ සුදුසුකම් ලබා ගත්තාය.ඒ නිසා ඇයට තරග කාල සටහන පරික්ෂා කර ඉසව් දෙකම නියෝජනය කරන්නට අවස්ථාව ලබා දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇත.
මීටර් 1500 ඉසව්ව නිර්මලී ජය ගත්තේ ඇයගේ පාසලේ ඇයගේ පුහුණුකරු වන බුද්ධික නුවන් යටතේම පුහුණුව ලබන සහෝදර තරගකාරිය එල්ල කළ දැවන්ත අභියෝගයට මුහුණ දෙමින්ය.දෙදෙනාම මීටර් 1500 ඉසව්ව සඳහා තියුණු සටනක නියැලෙමින් විනාඩි 4:47.89 න් ඉසව්ව නිම කළ අතර අංක 2974 යටතේ තරග වැදුණ නිර්මලීට කරට කර සටනෙන් දෙවැනි වූ අංක 2973 යටතේ තරගය නිමා කළ දුලංජනා ප්‍රදිපනී ද 4:48.00 උස්බෙකිස්තාන් කඩ ඉම පසු කිරීමට සමත් විය.

මෙම තේරී පත් වූ ක්‍රීඩකයින් දෙස බැලීමේදී අගය කළ යුතු විශේෂ කරුණක් වන්නේ මීට දශක දෙකකට එහා සිට ශ්‍රී ලංකාවට ජාතික මට්ටමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කරන පළපුරුදු පුහුණු යන්තර දෙකක් පෙර පරිදිම දක්ෂයන් නිර්මාණය කරමින් රැඳී සිටිනු දකින්නට ලැබීමය.ඒ සුගත් තිලකරත්න පිටියට රැඟෙන ආ අනුර බණ්ඩාර සහ මංජුල කුමාර පිටියට රැඟෙන ආ කීර්ති කුමාර ය.මේ තරගාවලියට දක්ෂයන් තෝරා ගැනීමේදි ද සුදුසුකම් ලැබූ අය අතර ඔවුන් විසින් පුහුණු කරන ක්‍රීඩකයන් සිටීම අගය කළ යුතු අතර බුද්ධික නුවන් ඉකුත් වසරේ ද නිර්මාලි ආසියානු තරගාවලියට සුදුසු මට්ටමට ඉදිරියට ගෙනාවේය.

එසේම සුසන්තිකා ජයසිංහ ගාමිණි දිසානායකයන් යටතේ පුහුණුව ලබන අවදියේ සහය පුහුණුකරුවෙක් සේ කටයුතු කළ ගීත් සතරසිංහ ද ඉකුත් වසරේ යොවුන් තරගාවලියේ උස පැනීමේ ලෝකඩ පදක්කම දිනූ ලෙසඳු අර්ථවිදු මෙවර ද ඒ සඳහා සුදුසුකම් ලැබිය හැකි මට්ටමට සකස් කරන්නට සමත්වීම ද කැපී පෙණින.අප්‍රේල් 20 – 24 උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි පැවත්වෙන මෙම තරගාවලිය ට මුහුණ දෙන ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඒ ආසන්නයේම එන සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටීමට නියමිත බවත් බලධාරීන් කලපනාවට ගෙන ඔවුන්ගේ කාලය විනාශ නොකර පුහුණුවට සහ අධ්‍යාපනයට යොමු කරන්නට ඉඩ දී ඔවුන්ගේ සියලු කටයුතු පරිපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව තුළ අධීක්ෂණය කිරීමට නිලධාරියෙක් පත් කිරිම වැදගත්ය.
විශේෂයෙන්ම මේ සදහා මූල්‍යමය අනුග්‍රහය ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා ගැනීම අපේක්ෂාවනම් ඒ සම්බන්ධ තොරතුරු පමාවකින් තොරව ඉටු කර ගැනීමට අදාළ ඉල්ලීම හැකි ඉක්මණින් කළ යුතුය.ක්‍රීඩකයින් ගුවන් ටිකට් ලැබෙන තුරු ටොරිංටන් හී දින ගණන් සිටුවා තැබීම වෙනුවට ඉක්මන් තීරණයක් ගැනීම අතිශයින් වැදගත්ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan