*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/23

  1. චීනයේ මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලැබීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දී නැති බව එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසයි – මෙම පහසුකම ලබා දීමට වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ චීනයේ මූල්‍ය සහාය ලැබෙන තුරු බලා සිටීම බව ද පවසයි.
  2. ඉකුත් දින අනුමත කළ බදු සංශෝධනය පසෙකලා 2023 වර්ෂයට රු. ට්‍රිලියන 2.4 ක අයවැය හිඟයක් රජය විසින් වාර්තා කරනු ඇති බව වරලත් ගණකාධිකාරීවරුන්ගේ බදු පීඨයේ (Chartered Accountants’ Taxation Faculty) සභාපති ටිෂාන් සුබසිංහ පවසයි – එවන් අයවැය හිඟයක් මතුවීමට ප්‍රධානතම හේතුව වන්නේ ඉහළ යන පොලී පිරිවැය බව ද පවසයි – ඉතා ඉහළ අගයන් වලින් මුදල් මුද්‍රණය වෙමින් පවතින බවත්, පොලී ගෙවීම් සඳහා අවම වශයෙන් රු. ට්‍රිලියන 1.3 ක් වත් එකතු වනු ඇති බවත් පෙන්වා දෙයි.
  3. එළඹෙන පළාත් පාලන මැතිවරණය, වත්මන් රජයේ ජනප්‍රියත්වය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳ ජනමත විමසුමක් සේ සලකා කටයුතු කරන මෙන් ජාතික ජන බලවේගයට සහාය දක්වන විශ්ව විද්‍යාල ආචාර්යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
  4. එළඹෙන සතියේ ඉන්දියාවෙන් බිත්තර මිලියන 02 ක් ආනයනය කරන බවට රාජ්‍ය වෙළඳ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිල ඉද්දමල්ගොඩ පවසයි – දෛනික බිත්තර අවශ්‍යතාවය මිලියන 5.5 ක් වූව ද, මේ වන විට නිශ්පාදනය වෙමින් පවතින්නේ බිත්තර මිලියන 05 ක් පමණක් බව බිත්තර නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් අත්තනායක පවසයි.
  5. ශ්‍රී ලංකාවේ සෑම නිවාස 03 කින් 01 ක් ම ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයට අදාළව පැවැත්වූ ලෝක ආහාර වැඩසටහනේ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතා සමීක්ෂණය අනාවරණය කරයි – සෑම නිවාස 10 කින් 07 ක් ම, තමා එතරම් කැමැත්තක් නොදක්වන ආහාර මත යැපීම, පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය සීමා කිරීම, සහ ආහාර වේල් සංඛ්‍යාව අවම කිරීම ආදී ආහාර-මත පදනම් වූ කලමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද වෙත යොමු වී ඇති බව අනාවරණය වේ – සෑම නිවාස 10 කින් 08 කට ඉහළ සංඛ්‍යාවක් ම, ණයට මුදල් ගැනීම, හෝ ඉතිරි කළ මුදල් වියදම් කිරීම ආදී ජීවත් වීම කලමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද වෙත යොමු වී ඇති බව ද අනාවරණය වේ.
  6. රජයේ රෝහල් වලට ඩීසල් ලීටර් මිලියන 20 ක් ලබා දීම සඳහා අවශ්‍ය ඇ.ඩො. මිලියන 46 ක ප්‍රතිපාදන ජපානයෙන් ලබා ගැනීමට අදාළව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති හිදියාකි ගිවිසුමකට අත්සන් තබති.
  7. ටෙලිකොම් කුළුණු ශ්‍රී මහා බෝධියට හානි සිදුකරන බවට ලැබී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශනය කරන මෙන් පූජ්‍ය අටමස්ථානාධිපති හිමියන් විසින් සිදුකළ “විශේෂ ඉල්ලීමක්” මත, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් “විශේෂ කමිටුවක්” පත් කර තිබේ – මෙම කමිටුවට විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන ද ඇතුළත්.
  8. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් හෝමාගම ප්‍රදේශයේ පැවැත්වූ සත්‍යග්‍රහයක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් සහා ජල ප්‍රහාර එල්ල කරයි.
  9. මෙගාවොට් 250ක සහ මෙගාවොට් 100ක විදුලියක් නිශ්පාදනය කරන සුලං විදුලි බලාගාර දෙකක් මන්නාරමේ සහ පූනරින්වල ස්ථාපිත කිරීම සඳහා අදානි සමාගමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි වේ – මේ සඳහා ආයෝජනය කර ඇති සමස්ත මුදල ඇ.ඩො. මිලියන 442 වන අතර, මෙමඟින් රැකියා අවස්ථා 1,500 – 2,000 පමණ උත්පාදනය කිරීමට ද අපේක්ෂා කෙරේ – මෙම බලාගාරවලින් ජනිතවන විදුලිය වසර 02ක් තුළ ජාතික පද්ධතියට එක්කිරීමට ද අපේක්ෂා කෙරේ.
  10. අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති විනිසුරු සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් හැර සියලු රජයේ නිලාධාරීන් සිය නිල විදෙස් සංචාරවලදී ආර්ථික පන්තියේ ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බවට ජනාධිපති ලේකම් සමන් රත්නායක විසින් නියෝගයක් නිකුත් කර තිබේ – මෙම තීරණය ගෙන තිබෙන්නේ රට වර්තමානයේ මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන බව ද සඳහන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan