ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය මහතාගේ දේහය ඊයේ(22) දිවයිනට

Date:

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය අභාවප්‍රාප්ත වූයේ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි .

දේහය එම රණවිරුවාගේ ඒකකයේ භටපිරිස් විසින් හමුදා ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී, එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය ගේ මෘත දේහය යුද්ධ හමුදාපතිතුමා නියෝජනය කරමින් 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ සැපයුම් හා ප්‍රවාහන කටයුතු භාර නිලධාරි ලුතිනන් කර්නල් එච්.එම්.ඩබ්ලිව්.ආර් හේරත් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර වෙත භාරදෙනු ලැබීය.

එහිදී, හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවති පෙළපාලියෙන් අනතුරුව ලුතිනන් කර්නල් එච්.එම්.ඩබ්ලිව්.ආර්. හේරත් වෙත එක්සත් ජාතීන්ගේ ධජය භාරදීම සිදුකෙරුණු අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් දේහය නිල වශයෙන් භාරගැනීම සිදුකෙරිණි.

අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මීගමුව රෝහල වෙත රැගෙන යනු ලැබීය.

ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය මහතාගේ අවසන් කටයුතු ඔහු උපන් ප්‍රදේශය වන වරකාපොළ දී හමුදා ගෞරවාචාර මැද සිදුකිරීමට නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...