*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

MAS හිස් තැනක්

අද කොළඹ රාජකීය විද්‍යාලයේ MAS ඇරීනා හී මෙවර ජාතික බොක්සිං සූරතාවලියේ අවසාන දවසයි.ඊයේ එහි පුටුවකට බර දී බොක්සිං කවය දිහා බලා සිටියදී විශාල කණගාටුවක් ඇති විණි.ගෙවුණු කොවිඩ් සමයේ ඇන හිටපු ක්‍රීඩාවන් අතර සටන් කලාවට අයත් ක්‍රීඩාවන්ට බොහෝ බාධක ඇති විණි.ස්පර්ශයන් සිඳුවන ක්‍රීඩා ආරම්භ වූයේ බොහෝ පසුවය.ඒ නිසා බොක්සිං ක්‍රීඩකයින් ඊට පෙර තිබූ රිද්මයට පැමිණ නැත.
එසේම මාස් වැනි ආයතනවල බොක්සිං තිබීම නිසා ඇති වී තිබූ උද්යෝගය ද බෙහෙවින් පහළට වැටි ඇත.ජාතික පුහුණුකරුවෙක් පැමිණි විට බොහෝ විට ඔහුව බලා කියා ගැනීමේ වගකීම පැවරුණේ MAS වෙතය.එසේම පාසලෙන් නික්මෙන බොක්සිං ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට රැකියා අවස්ථාවක් එකතු විය.මේවා හැකිලී යාම ද බොහෝ විට මේ තත්ත්වයට හේතුවය.

මේ හැකිලීයාමේ ඛේදවාචකය ඩයන් ගෝමස් බොක්සිං සඳහා මැදිහත් විමට පෙර තිබූ තත්ත්වය කරා යයි ද යන්න බිය දනවන එකකි.ඩයන්ගේ සියල්ල හරි නොකීව ද,ඔහු බොක්සිං ඉතිහාසය වෙනස් කර වෙනත් වර්ණයක් යෙදෙව්වේය.එම තත්ත්වය සාධාරණ විවේචන සහිතව පිළිගත යුතුය.ලංකාවේ බොක්සිංවලට ලෝකය දකින්න ඇස් ලැබුණේ එතැනින්ය.ඒ හඩය ඇතුළේ සිට බොක්සිං විඳින අයෙකුට වත්මන් තත්ත්වයන් විවේචනය කරන්න හැකි ඉතිහාසය නොදන්නා නිසාය.නැතනිම් සිඳුවිය යුත්තේ ඉතිහාසයට සාපෙක්ෂව සිට වර්ධනය දකිමින් විවේචනය කිරිමය.

වර්ථමානයේ ක්‍රීඩාවේ තාක්ෂණික පහළ බැසීම වෙනස් කරන්නට මේ වන විට පාසල් සංගමය විශේෂයෙන් ජාතික සංගමයේ වත්මන් උප සභාපතිවරයෙක් වන වසන්ත කුමාරගේ ද සහය ඇතුව අනාගතය වෙනුවෙන් සැළසුම් කර තිබෙන සංචිතය වැදගත් තැනක් ගනු ඇත.
නමුත් ඒ වැදගත්කම රැඳෙන්නේ පාසලෙන් නික්මෙන ක්‍රීඩකයාගේ ජීවිතය ඊ ළඟට භාර ගන්නට තැනක් ලැබුණොත් ය.මාස් මැදිහත්වීම අහිමිවීමේ නරකම කතාව තිබෙන්නේ එතැනය.

ත්‍රිවිධ හමුදාවට ඉහළට ඉගෙන ගන්නා බොක්සිං ක්‍රීඩකයින් යොමුවන්නේ ඉතාමත් අඩුවෙන්ය.ඉහළ තනතුරකට ඉහළ අධ්‍යාපනයක් සහිතව පිවිසෙන අය එන්නේ බොක්සිං ක්‍රීඩා කරන්නට නොවේය.මේ තත්ත්වය මත බොහෝ විට එම හමුදාවල බොක්සිං පටන් ගැනෙන්නේ අන්තර් රෙජිමේන්තු වැනි තරගවලට ඉදිරිපත් වෙන අයගෙන්ය.ඒ බොහෝ දෙනෙක්ට බොක්සිං සමඟ පාසල් අවධියේ සම්බන්ධයක් තිබී නැත.එසේ නැත්නම් තිබී ඇත්තේ අසළින් ගිය සබඳකමක් ය.

මාස් බොක්සිං වෙනකම්ම තිබුණේ පාසලෙන් පසුව බොක්සිං ක්‍රීඩා කරන පිරිස විශාල ලෙස අහිමි වීමය.මාස් පැමිණි පසු අධ්‍යාපනය සහ බොක්සිං අතර ඇති වූ අන්තර් සම්බන්ධය අතිශයින් වැදගත්ය.වර්ථමානයේ බොහෝ වගකීම් දරන පිරිස් ජාතික බොක්සිං සමඟ එකතු වන්නේ අද කොතැන සිටිය ද මාස් සහ ඩයන් ඇති කර බොක්සිං සංස්කෘතියේ එල්ලි ඇවිත් බව අමතක කළ නොහැකිය.
ක්‍රීඩා අමාත්‍යංශයටනම් මෙවැනි දේ ගැන සැළසුම් නැත.හුඟක් ඇමතිවරුන්ට කරන්න පුළුවන් දේ තමන් කැමති කිප දෙනෙක් හොයාගෙන අතුරු කමිටුවක් හොයා ගෙන අතුරේ යන ක්‍රීඩාවේ තියෙන සොච්චමත් නැති කර අතුරත් කපා දැමීමය.මෙවැනි උදාහරණ අප දැක ඇත.එවැනි හපන්කම් කළ අතුරු කමිටු සාමාජිකයන් සමහරක් දැනටත් වත්මන් ක්‍රීඩා ඇමතිට උපදෙස් දෙන්න දාගත්තු සභාවල ඇත්තේය.

ඉහළට ඉගෙනගන්නා ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩිකාවන්ට රැකියා ලැබෙන මාර්ගයක් නැත්නම් අවස්ථාවන් නිර්මාණය විය යුතුය.ඒ පුහුණුවට සාධාරණ කාලයක් විවේකයක් ලැබෙන පරිදිය.හමුදාවන් සහ පොලිසිවල ද ඉහළ අධයාපනයක් සහිතව ඇතුල්වෙන පිරිස් අධ්‍යාපනයට සරිලන තනතුරකට එකතු කර ගැනීමට අවධානය යොමු විය යුතුය.මේ දේවල් ක්‍රීඩා සභාවේ ත්‍රිවිධ හමුදාපතිවරු ද සිටින බැවින් සැළසුමක් සකස් කිරීම අපහසු නැත.
පොලිසියේ ක්‍රීඩා සම්බන්ධයක් ඇතත් එයට සැළකුම් ලැබෙන්නේ අඩුවෙන්ය.පත්වන බොහෝ පොලිස්පතිවරු ආණ්ඩුවේ හොරනෑව අනුව ක්‍රියා කරනු විනා පොලිසියේ ක්‍රීඩා දක්ෂතා,ඇතැම් සංගම්වල ඡන්දයක් හෝ නැතිවීම වැනි කාරණාවන්ද කතා කරන්නේ නැත.මහින්ද බාලසූරිය පැසිපන්දුවේ සිට පොලිස්පති තනතුරට ආවත් එහි සිට ක්‍රීඩාව ගැන පෙර පරිදි බැලුවේ නැති බව පැහැදිළිය.මොනවා හෝ තරග පැවත්වීම නොවන සැළසුම් සහ ප්‍රතිපත්ති ක්‍රීඩාව වෙනුවෙන් සැකසෙන්නට අවශ්‍යය වන්නේය.

තරගාවලිය පැවත්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ මාස් ඇරිනා හී ය.එයද මාස්මය බොක්සිං තිළිණයක්ය.මාස් හිස් තැනක්ව දැනීම ගැන පසුතැවෙනවාට වඩා අද බොක්සිං කල්පනා කළ යුතුව ඇත්තේ මාස් හිස් තැන වසා ගන්නා ආකාරය ය.රැකියා අවස්ථා නිර්මාණය,හමුදාවන්ට සහ පොලිසියට බඳවා ගැනීමේ දී අධ්‍යාපනයට සරිලන තනතුරක් ලබා දීම.(ඉහළටම යා හැකි ආකාරයට)සෙබළෙක් ලෙස ගත් විට යා හැකි උපරිමය සාජන් මේජර් ධූරයෙන් නවතින නිසා ඉහළ අධ්‍යාපනයක් ඇති සහ ඉහළට තවත් ඉගෙන ගැනීමට හැකි ශඛ්‍යතාවයන් ඇති අයට ඉඩක් ලැබෙන පරිදි ඒ බඳවා ගැනීම් සිදු කිරීම වැදගත්ය.
එසේම කොතලාවල විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමේ දී ක්‍රීඩාවන් සඳහා විශේෂ ඉඩක් ලබා දීම මෙන්ම ඒ මට්ටමෙන් ක්‍රීඩා කරන්නට විශ්ව විද්‍යාල කණ්ඩායමක් කොතලාවල නොව සෑම විශ්ව විද්‍යාලයක ඇරඹිය හැකිනම් වැදගත්ය.එවිට ඔවුන් රැකියා සඳහා ඉහළ තනතුරු සඳහා සම්බන්ධ වෙන ආයතනවලද පසුකලෙක බොක්සිං සඳහා රැකියා කිහිපයක් හිමිවනු ඇත.

මේවා කතා කරන්නට සහ මේ යෝජනා අනෙක් තැන් කරා රැඟෙන යන්නට බොක්සිං එකඟනම් ඔවුන් රටේ සිටින වේලාවක් බලා ක්‍රීඩා අමාත්‍යවරයා හමු විය යුතුය.එයත් දැනට විශාල ප්‍රශන්යක් වි ඇත්තේ සිටින ක්‍රීඩා අමාත්‍යවරයා යනු තවම තමන් යටතේ තිබෙන ආයතන හෝ නිරීක්ෂණය කරන්නට නොගිය අයෙක් වීමය.ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා ද මේ කරුණු සම්බන්ධයෙන් සංවේදී විය යුතුය.සල්ලි නැහැ ඒ නිසා රට යන්න බැහැ කියන මන්තරයට එහා ගිය වැඩ පිළිවෙලක් ක්‍රීඩාවලට පොළව මත හදා ගන්නට ඉඩ දෙන්නනම් අමාත්‍යවරයා නිතර ක්‍රීඩා සංගම් සම්මේලන එක විවෘත කතා බහක් කළ යුතුය.ක්‍රීඩාව ගැන අඩුම තරමේ ඒ ආකාරයෙන් හෝ අවබෝධයක් නොමැතිව මං කියන විදිහට තමයි සෙල්ලම් වෙන්න ඕනි කියා හිතාගෙන සංශොධන ගෙන ඒමෙන් පලක් නැත.
පළමු කොටම ක්‍රීඩාව යනු සෙල්ලමක් නොවන බරපතල විද්‍යාත්මක පරිසරයක් තුළ නිර්මාණය වූ දෙයක් බව අවබෝධ කර ගැනීම වටින්නේය.කවුරුන් හෝ පුහුණුවෙන් නොවේ දිනුවේ ඇමතිගෙ වචනෙන් කියා උඩ තැග්ගුවාට අමාත්‍යවරයා මුරුංගා අතු හයිය නැති බව නොදැන තව දුරටත් උඩට නඟින්නේනම් සමස්ත ක්‍රීඩාවම අර මුරුංගා අත්ත බව කිව යුතුය.

ඒ නිසා මාස් නැති කමෙන් ඇති වි තිබෙන හිස්කම තාක්ෂණිකය.විද්‍යාත්මකය.ඒ වගේම ආර්ථිකමය වශයෙන් පැන නැඟෙන එකක්ය.ඊ ළඟ පරපුර බොක්සිං වෙත ගෙන ඒම සඳහා අවශ්‍යය කරන මූලිකම කොන්දේසිය පාසලෙක් පසු ජිවත් වෙන්නට සහ බොක්සිං පවත්වාගෙන යන්නට පසුබිමක්ය.එය සකසා ගන්නට ප්‍රතිපත්තිමය වශයෙන් සැළසුමක් සකස් කිරීමට බොක්සිං පරිපාලනයට අමාත්‍යවරයාගේද සහය අවශ්‍යය ය.
ඒ සඳහා මේ සටහනට පාදක වන කරුණු භාවිතයට ගැනීමට කිසිඳු බුද්ධිමය අයතියකින් තොරව අපි අවසර දෙන්නෙමු.ඒ ගැන කිසිඳු අයිතිවාසිකමක් නොමැතිව තව දුරටත් සාකච්ඡා කිරිමටද අපි සූදානමින් බව පවසන්නෙමු.



නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan