දේශීය පුවක් අපනයනයය කණකොකා හඬලයි!

Date:

◾ පුවක් තොග ගබඩාවල පුස් කයි…

◾ රටේ ඩොලර් හිඟයට විසඳුම් සොයන්නේ මෙසේද?

2023 පෙබරවාරි 24 දින වෙළඳ අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමක් පවතී.

රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ ජාවාරම්කරුවන් නොවන දේශීය අපනයන කරුවන් මෙම උද්ඝෝෂණය පැවැත් වීමට සූදානම් වෙමින් පවතී. විශේෂයෙන්ම මෙම පුවක් අපනයනය නතර කොට මේ වන විට මාස තුනක් ගත වී ඇත. පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුකොට ගෙන පුවක් ගොවීන් සහ එම ව්‍යාපාරය ආශ්‍රිත විශාල ජනතාවක් අන්ත අසරණ භාවයට පත් වී ඇත.

එම ජනතාව වර්තමාන වෙළඳ අමාත්‍යවරයා වන නලින් ප්‍රනාන්දු මහතා සහ ඉහළ පෙළේ දූෂිත නිලධාරීන් සිටින වාණිජ දෙපාර්තමේන්තුව වෙත දැඩි අප්‍රසාදය පළ කර ඇත. මෙම අසරණ පවුල් ඉල්ලා සිටින්නේ පාට පක්ෂ භේදයකින් තොරව තම උද්ඝෝෂණයට සහාය පළ කරන ලෙසයි. මෙලෙස පුවක් අපනයනය නතර කිරීමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් ආසන්න වශයෙන් මිලියන 50ක් සහ වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් පමණ රටට අහිමි වන බව අපනයනකරුවන් පවසයි.

රටට ඩොලර් නොමැති අවස්ථාවක මෙම තීරණය ගෙන තිබීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන්ගේ අදහසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...