මහ කන්නයේ මිලදී ගැනීමට රුපියල් බිලියන 20 ක්….

Date:

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ , මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10 ක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බවත් ,ඒ අනුව වී මිලදී ගැනීමට රුපියල් බිලියන 20 ක් වෙන් කරනු ඇති බවයි.

අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේ වී අලෙවි මණ්ඩලය මගින් මෙවර වී මිලදී ගැනීම සිදු නොවන බවත්, වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත්ය .

ඒ අනුව මෙවර වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100ක් බැගින් මිල දී ගැනීමට කටයුතු යොදා ඇති අතර , මෙවර දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිල දී ගන්නා වී, මාස දෙකක් යන තෙක් අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුළකට මාසයකට හාල් කිලෝ ග්‍රෑම් 10ක් බැගින් ලබා දීමට රජය කටයුතු කර ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ , අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහනය ලබා දීමට මීට පෙර තීරණය කර තිබු නමුත් පසුව ජනාධිපතිවරයා විසින් එම පවුල් සංඛ්‍යාව ලක්ෂ 29ක් දක්වා ඉහළ නැංවූ බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකට සහභාගි වූ අවස්ථාවේදීය. එහිදී ගොවි නියෝජිතයින්, වී මිල රුපියල් 100ක් යැයි තීරණය කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කල බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...