සභාපතිවරුන් නෙරපීමට එරහිව පොහොට්ටු ලේකම්ට වාරණ නියෝගයක්…

Date:

මාර්තු 9 වන දින උසාවිය හමුවේ පෙනී සිටින ලෙස සාගර කාරියවසම්ට නොතීසි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගිය පෙබරවාරි 7 වන දින මාතර දිස්ත්‍රික්කයේ හි ප්‍රාදේශීය සභා හයක සභාපතිවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවමින් (Suspend) මාතර දිස්ත්‍රික් තේරීම භාර නිලධාරී වෙත යවන ලද ලිපිය මාර්තු 9 වන දින දක්වා අත්හිටුවමින් වාරණ නියෝගයක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (23) ලබා දුන්නේය.

මෙම සභාපතිවරුන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නිදහස් ජනතා සන්ධානයේ හී හෙලිකොප්ටරය ලකුණ යටතේ තරඟ වැදීමට සිය නාම යෝජනා භාර දී ඇත.මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, තිහගොඩ, කඹුරුපිටිය, දික්වැල්ල, කිරින්ඳපුහුල්වැල්ල, හක්මන සහ අකුරැස්ස යන ප්‍රාදේශිය සභා වල සභාපතිවරුන් ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලෙස පෙබරවාරි 7 වන දින මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සාගර කාරියවසම් මහතා විසින් මෙම ලිපිය යවන ලද අතර, ඒ සම්බන්දව බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහා අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් විභාගට ගනිමින් චමත් මොරායස් සහ ප්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරුවරුන් විසින් මෙම අතුරු තහනම් නියෝගය අද (23) ලබා දුන්නේ ය.

ඒ අනුව මාර්තු 9 වන දින මේ සම්බන්ධව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙස ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වෙත නොතිසි නියෝගයක්ද නිකුත් කළේය.නීතිඥ මනෝජා ගුණවර්ධනගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දිම මුතුකුමාරණ මහතා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වෙනුවෙන් මෙහි දී පෙනී සිටියේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...