*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව අවදානමේ දැමීමේ තවත් පියවර කිහිපයක්….?

ජාත්‍යන්තර ක්‍රීඩා නීතීන් වෙනුවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට අවනතව පවත්වා ගෙන යාමට අවශ්‍යය පරිදි ක්‍රීඩාව වෙනස් කිරිමේ ක්‍රියාවලියට තමන් දන්නා හිතවතුන් සොයා ඔවුන්ව ක්‍රීඩා අතුරු පාලන කමිටුවලට කැඳවීම ගැනත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.



මේ සඳහා ක්‍රීඩාව සඳහා උපදෙස් දීම සඳහා පත්කර ඇති ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් ද හේතු වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.එතුමා ක්‍රීඩාව සමබන්ධ උපදේශකයෙක් නොවන අතර වත්මන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සහ ඊට පෙරත් කාලයක් ඔහුගේ සමීපතම නිලධාරියෙක්ව සිටි අයෙක්ය.තව දුරටත් ජනාධිපතිවරයා සහ එම උපදේශකවරයා අතර ඇති හිතවත්කම ක්‍රියාත්මක තලයේ පවතින පෙන්වා දෙන ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒ නිසා මේ වන විටත් ඇතැම් ක්‍රීඩා ජාත්‍යන්තර තහනමට ලක් වී සහ තවත් ක්‍රීඩා එවැනි අවදානමක තිබියදීත් ජනාධිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගන්නා බවය.

ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි කාලයක් විදෙස්ගතව සිටින නිසා බොහෝ දේ සිඳුවන්නේ අමාත්‍යවරයාගේ උපදේශකවරයාට අවශ්‍යය පරිදි බව පෙන්වා දෙන අමාත්‍යංශයේ පිරිස් ඔහු ඒ අනුව රියැදුරන්ගේ ධාවන සටහන් පත් පවා පරික්ෂා කර යම් යම් ක්‍රියා මාර්ග ගැනීමට උපදෙස් තත්ත්වයට වැටී ඇති බව ද පවසයි.
මේ අතර දැනටමත් තහනම් වි තිබෙන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ තහනම ඉවත් කිරීමට පාදක වූයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ වූ එකඟතාවයන් බිදීම වුව එම තත්ත්වය ගැන අවධානය යොමු නොකර අමාත්‍යවරයා කරුණු හයක් සම්බන්ධයෙන් සළකා බැලීමට තව දුරටත් දේශපාලන බලය භාවිතයට ගනිමින් කමිටුවක් පත් කර ඇත.එසේම ක්‍රිකට් ආයකනයට නව ව්‍යස්ථාවක් ඇති කිරීමට අවධානය යොමු කළ යුතු කාරණා සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් සහිතව එම අවස්ථාව ක්‍රීඩාවේ පරිපාලනයට පැවරිය යුතු වුව ද,ක්‍රීඩා අමාත්‍යවරයාම එම කාර්යයද පවරාගෙන ඔහු විසින් නම් කරන ලද කමිටුවක් ප්‍රකාශයට පත් කර ඇත.

ලංකාවේ දේශපාලකයාට ලෝකයට වඩා තමන්ගේ බලය ලොකුයි කියා සහ ලෝකයට අවනත නොවී වැඩ කිරීමේ හැකියාවක් තමන්ට ඇතැයි,ලංකාවේ දේශපාලනයට බො වූ මුග්ධ සිතුවිල්ල සහිත ව්‍යාධියේ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා තදින් ගිලී තිබෙන බවක් පෙනෙන්නට ඇත.ඒ නිසා ඉදිරියේ දී ඒ හැඟීමෙන් ක්‍රීඩාව තමන්ට ලැබුණ තමන්ට රිසි පරිදි අනුභව කළ හැක්කක් යන සිතුවිල්ල ක්‍රියා පදයක් වුවහොත් ලංකාවේ බොහෝ ක්‍රීඩාවන්ට ජාත්‍යන්තර වාරණ වැටීමේ ඉඩකඩක් ඇත.

මේ සමඟ පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට බල පෑ හේතු නොසළකා හරිමින් සහ මේ මොහොතට අදාළව,ක්‍රීඩකයන්ට,පරිපාලකයන්ට සහ විනිසුරුවන්ට ආදී වෘත්තිමය පදනමක් ඇති විශාල පිරිසකට ද ජාත්‍යන්තර වශයෙන් මඟ ඇහිරී තිබීම නොසළකා නිකුත් කළ ගැසට් පත්‍රයය.එසේම පාපන්දු ක්‍රීඩාව පදනම් කරගෙන ජීවත් වූ විශාල පවුල් ප්‍රමාණයක්ද මේ වන විට ආර්ථික වශයෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇත.

මේ වන විටත් අමාත්‍යවරයාට සිඳු වී ඇති දේ නොව ඔහු අතින් ක්‍රීඩාවට සිඳු වී ඇති දේ සිඳුවෙමින් පවතින දේ පිළිබඳ දැනෙනවානම් ඔහු වෙනස් වෙනවා ඇත.ඒ කිසිවෙක් ඇඳුම් උනා දමා කටයුතු නොකරන බැවිනි.නමුත් ඔහු වටේම සිටින පිරිස් අමාත්‍යවරයාට සීතාම්බර සළු පළන්දා තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගන්නට උථ්සාහ දරනවා විනා වි ඇති දේ සහ වෙමින් තිබෙන දේ පිළිබඳ අමාත්‍යවරයාට කියන්නට යන්නේ නැත.සමහරු ඒ සඳහා ඇත්තටම අමාත්‍යවරයාට හිතවත්ම අයටත් සීතාම්බර සළු පළන්දා ඇති අතර ඔවුන් ද අමාත්‍යවරයා අතුරු කමිටු පෝළිම්වල සිටුවා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan