සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහීණී කවිරත්න පැටලෙයි!

Date:

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහීණී කවිරත්න මහත්මිය ඉල්ලීමක් කර ඇත්තේ, පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

අදාළ ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය හරහා සමාජගත වී ඇති බැවින් කාන්තාවක් හා මවක ලෙස තමුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එවැනි සිදුවීම් හේතුවෙන් ජනතාව, උත්තරීතර පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් පිළිබඳව ඇතිකර ගන්නා ආකල්ප කෙබඳුදැයි, මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

රෝහිණී කවිරත්න මහත්මිය, කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මෙම ගැටලුව වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...