තවත් විගණන වාර්තාවක් එළියට!

Date:

විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම මිලදී නොගැනීම තුළින් රජයට බරපතල අවාසියක් සිදුව ඇති බවයි.

එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බලාගාරය මිලදී ගැනීම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවය.

මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්‍රේල් 06 වන දින සිට වසර 10ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණු බවත්, අදාළ ගිවිසුම අවසන් වූ පසු 2016 මාර්තු 23 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

කෙසේවෙතත් එම බලාගාරය මිලදී ගැනීම සඳහා රජයේ තක්සේරුකරු විසින් එහි වටිනාකම රුපියල් මිලියන 2,370ක් ලෙස ගණනය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එහෙත් බලාගාරයේ හිමිකරු විසින් එය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 2,446ක මිලක් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බැවින් එය මිලදී නොගැනීමට තීරණය කර තිබේ.

විගණනය මගින් නිරීක්ෂණය වී ඇති බව අනාවරණය වී ඇත්තේ නිවැරදිව තක්සේරුව සිදුකළේනම් බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 4,176කට ආසන්න අගයක් විය යුතු බවයි.

අදාළ බලාගාරය මිලදී ගැනීමකින් තොරව 2016 වර්ෂයේ සිට විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් ගතව ඇති අතර එමගින් විශාල මුදලක් සමාගම වෙත ගෙවීමට සිදුව ඇති බව වාර්තා විය.

රජයේ තක්සේරුකරු විසින් අදාළ සමාගම තක්සේරු කිරීමේදී අවධානයට ලක්කළ යුතු කරුණු සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් නිවැරදි තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් ලැබී ඇති බවට විගණනය මගින් හෙළිවී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සුදුසු පියවර ගැනීම සිදුකළ යුතු බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...