විදේශිකයන්ට හිරිහැර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නෑ – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

Date:

මෙරටදී විදේශිකයන්ට හිරිහැර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ ඊට සමගාමීව විදේශිකයන්ට ත්‍රීවීල් රථ වලදී සිදුවන හිරිහැර අවම කිරීම සඳහා ඊට අදාළ ආයතන සමඟ ලබන 27වනදා සාකච්ඡාවක් පවත්වන බවයි.

එවැනි ගැටලු අවම කිරීම සඳහා සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ත්‍රීරෝද රථ රියදුරන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් සියලු පළාත්වල මේවනවිට ක්‍රියාත්මකයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසුවේ සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට එම ත්‍රීරෝද රථ භාවිත කරන ලෙසට මෙරටට පැමිණෙන විදේශකයන් දැනුවත් කිරීමටද කටයුතු කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...