දිනේෂ් ගුණවර්ධන අගමැතිධුරයෙන් ඉල්ලා අස්වන පුවත අසත්‍යයි!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටියේ, දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, එවන් ඉල්ලීමක් කිසිඳු දේශපාලන පක්ෂයක් විසින් සිදුකර නැති බවත් ය.

මීට ඉහත අවස්ථාවක දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි එම ධුරයේ පිහිටුවීමේ සූදානමක් පවතින බව පා.ම. චන්න ජයසුමන මහතා පවසා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...

විදුලිබල කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය...

සන්ටෝ ගියේ ඇයි?

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී...