අවදානම මුලින්ම රටට කීවේ අපි. හැබැයි ආණ්ඩුව ඒවා මායිම් කළේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

කොරෝනා උවදුරද ඉන් පසුවද එන්නට නියමිත අවදානම් උවදුරු පිළිබද සියල්ලට පෙරාතුව රටට කීවේ තමන් ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් ආණ්ඩුව කළේ ඒ කිසිවක් මායිම් නොකර සිටීම බවත් ඒ නොසලකා හැරීමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳින බවත් ඒ මහතා සඳහන් කළේය.

තමන් එදා කී දේ ආණ්ඩුව හරියට ඉටු කළා නම් කොරෝනා ආසාදිතයින් පවා මෙතරම් මිය යන්නේ නැති බවත්, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඉඩ තිබුණ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩු බලය අතේ තබාගෙනත් ආණ්ඩුව නොකරන දේ, ආණ්ඩු බලයක් නැති සමගි ජන බලවේගය ඉටු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගයෙන් හුස්මක් සහ සක්වල වැඩසටහන ඊට කදිම උදාහරණ යැයි ද ප්‍රකාශ කළේය.

රට ගොඩනගන වැඩපිළිවෙළත්, ඒ සඳහා වූ දැක්මත් සමගි ජන බලවේගය සතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වංචාව, දූෂණය, මර්දනය සහ තර්ජනයෙන් තොර ජනතාවාදී ජනහිතකාමී ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය එක් වන ලෙස ද ජනතාවට ආරාධනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මාතර හක්මන ඌරුබොක්ක ප්‍රදේශයේ ඊයේ (23) පැවති සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයකදී අදහස් දක්වමිනි . වර්තමාන පාලනය යටතේ රට ජනතාවක් බලවත් ව්‍යසනයට ලක්ව ඇති බවත් මීට ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය වගකිව යුතු බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...