දහසක් ප්‍රශ්නවලට ආණ්ඩුවේ උත්තරය කොවිඩ් – විපක්ෂ නායක

0
215

හොඳින් වේල් තුන කා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කළ මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කර්මාන්ත ශාලා ටික වැසී ගොස් රටට ලැබුණු ඍජු විදේශීය ආයෝජන පහලටම වැටී තිබෙන බවද විපක්ෂ නායකයා සඳහන් කරනවා.

මේ සෑම ප්‍රශ්නයකටම ආණ්ඩුවට තිබෙන එකම උත්තරය කොරෝනා බව කී විපක්ෂ නායකයා, කොරෝනා ව්‍යසනය මැදත් නැගී සිටි රටවල් ඇති බව ආණ්ඩුව අමතක කොට ඇතැයි ද පැවැසීය.

හම්බන්තොට, මුල්කිරිගල ආසනයේ සමගි ජනබලවේගයේ මිද්දෙනිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) සහභාගී විය.

පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ආ ගමන්ම කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන් ආණ්ඩුව අද මේ බරපතල කඩා වැටීමට වගකිවයුතු ඇතැයිද පැවසූ විපක්ෂ නායකයා, ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සියල්ලෙන්ම පාහේ රට බලවත් අවධානමකට වැටී ඇතැයිද පැවසීය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here