අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන තීන්දුවක්

Date:

අභියාචනාධිකරණය විසින් තීන්දු කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බැවින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටින බවයි.

සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇත්තේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත්කරන ලද පිරිසක් බව, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත.

එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට නීතියෙන් බැඳීසිටින බව තීන්දුවේ සඳහන් කර තිබේ.

එසේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්නොකිරීම නීතියෙන් වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුද්දක් නොඉක්මන සිරදඬුවමක් හෝ රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම වුවද නියම කිරීමට මහෙස්ත්‍රාත්වරයෙකුට හැකියාව තිබෙන බවත් පෙන්වා දී ඇත.

2018 වසරේ ජුනි මස 21 වනදා මාධ්‍යවේදී චාමර සම්පත් මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් මහතා විසින් තොරතුරු කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල විභාග කළ තොරතුරු කොමිසම පැමිණිලිකරු ඉල්ලා සිටින තොරතුරු මුදාහරින ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කර තිබුණි.

එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, දීර්ඝ කරුණු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම පෙත්සම තුළ අන්තර්ගත කරුණු පදනම් විරහිත බවය.

ඒ අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් 2021 වසරේ පෙබරවාරි මස 02 වනදා දුන් නියෝගය තහවුරු කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව තීන්දුවේ සඳහන් කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...

ගලේවෙලදී නීතිවිරෝධී කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පුරාවස්තු සොයා කැණීම්...

“මහින්ද සුළඟින් නාමල් සුවඳ” – නාමල් නව ගමනක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...