බිලියන 1.1ක් භාණ්ඩාගාරයේ නැහැ කියලා කියනවා නම් කාටවත් පිළිගන්න බැහැ – විමල් වීරවංශ

Date:

පළාත් පාලන මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 1.1 දක්වා අඩු කිරීමට හැකි බව මැතිවරණ කොමිසම ඊයේ (28) පැවති සාකච්ඡාවකදී දැනුම්දී ඇති බව විමල් වීරසිංහ මහතා පවසයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

“රටේ ජනාධිපති මේ ආර්ථික අර්බුදයෙන් දුකට විපතට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට උත්තර සපයනවා වෙනුවට.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා සාක්කු දෙකට අත්දෙක දාගෙන කැරකි කැරකි.. තියන්න ඡන්දයෙකුත් නැහැ ඡන්දය තියන්න සල්ලිත් නැහැ කියලා කෝලම් කියන එක බලන්න අමාරුයි.. ඔය ඔක්කොම පීඩනයට වඩා.

අපේ නිදහස් ජනතා සන්ධානයේ ලේකම් තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරන්න ගියා. ඒ අය දන්වලා තියෙනවා බිලියන 1.1ක්.. අවම මේ මුදල දෙන්න අපි ඡන්දෙ තියන්න ලෑස්තියි කියලා. බිලියන 1.1ක් භාණ්ඩාගාරයේ නැහැ කියලා කියනවා නම් කාටවත් පිළිගන්න බැහැ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...