රටකට ධනය උත්පාදනය කළ හැක්කේ, රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයටයි – සජිත්

Date:

“The Blue Print” නමින් ක්‍රියාත්මක සමගි ජන බලවේගයේ ආර්ථික සමුළුවේ තවත් අදියරක්, කුරුණෑගල දිස්ත්‍රීක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගියදා (27) පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, කවුරෙකු කෙසේ අර්තකථනය කළද, සමගි ජන බලවේගය සෑම විටම අනුගමනය කරන්නේ, වෙළෙඳපොළ බලවේග මත පදනම් වූ මානුෂීය ධනවාදය බවත්, රටකට ධනය උත්පාදනය කළ හැක්කේ, රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට බවත් පෙන්වා දුන්නේය.

මෙලෙස උත්පාදනය කරන ධනය සමසේ බෙදාදීම රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවීමේදී තම ප්‍රධානම කාර්යයක් බවයි, විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

මේ මොහොතේ, රටට අවශ්‍ය යහපත් රාජ්‍ය පාලනයක් බවත්, හොරකම,දූෂණය,වංචාව පිටුදකිමින්, උද්යෝගිමත් ආයෝජන පරිසරයක් ඇති කළ යුතු බවත්, පෙන්වා දුන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, කිසිදු අවස්ථාවක පිනට ආයෝජන හෝ ආධාර බලාපොරොත්තු නොවී, රටට යහපත් ආයෝජන සඳහා සුදුසු සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයක් ඇති කළ යුතු බවයි.

සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකය විසින් සකස්කර ඇති “The Blue Print” වැඩපිළිවෙල තුළින් අවධානයට යොමු කරනුයේ, ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයෙන් මිදීමේ ප්‍රායෝගික වැඩසටහන පිළිබඳවයි.

මෙම හමුවට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් සහ වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...