එක්සත් ජාතීන්ගේ සාගර ගිවිසුම තීරණයකින් තොරව අවසන් වන ලකුණු

ලෝකයේ සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, දැවැන්ත සමුද්‍ර පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසාර භාවිතය සඳහා ඒකාබද්ධ ගිවිසුමක් ඇති කිරීම අරමුණුව එක්සත් ජාතීන්ගේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පසුගිය පෙබරවාරි 20 වන දින එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි ඇරඹි සමුළුව එකඟත්වයකින් තොරව නිමා වීමට ආසන්න බව වාර්තා වේ.


මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ නිර්මාණය කිරීමේ ක්‍රියා පටිපාටිය, මහ මුහුදේ සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් පිළිබඳ පාරිසරික බලපෑම් අධ්‍යයනය සඳහා ආදර්ශය සහ අලුතින් සොයා ගන්නා ලද සාගර සම්පත්වල විභව ප්‍රතිලාභ බෙදා ගැනීම ආදිය පිළිබඳව නොවිසඳුන ආරවුල් හේතුවෙන් තීරණයකින් තොරව සාගර සමුළුව නිමාවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...