පැය 24 ක ජල කප්පාදුවක් සහ තාවකාලිකව මාර්ග අවහිර වීමක්…

Date:

අද (04) පස්වරු 02 සිට පැය 24ක කාලයක් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, කඩුවෙල නගරය සහ අවට, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට අද පස්වරු 02 සිට ඉරිදා පස්වරු 02 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දන්වා ඇත.

අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිත අතර
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය අද පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා තාවකාලිකව වසා තබන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය සඳහන් කළේ භූගත ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් මෙම මාර්ගය වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...