ඇමෙරිකාවේදී ලූෂන් පුෂ්පරාජ් ශ්‍රීලංකාව දිදුළවයි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත් කර දුන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇමෙරිකාවේ පැවති ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරගාවලියේදී ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් විය.

ඇමෙරිකාවේ ඔහායෝහි පැවති මේ තරගාවලියේදී ‘සුපර් හෙවි’ කාණ්ඩය යටතේ ‘බොඩි බිල්ඩින්’ ඉසව්වෙන් තරග කරමින් ඔහු සිව්වැනි ස්ථානය දිනා ගත් අතර, ඔහු මේ ශූරතාවලිය නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා වීම ද විශේෂත්වයකි.

පසුගිය වසරේ පැවති මේ තරගාවලියේදීත් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ලූෂන් සමත් විය. තරගයෙන් අනතුරුව ඔහු පැවසුවේ තමන් සමඟ සිටිමින් තමා දිරිමත් කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය පුද කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...