ඡන්දය කඩාකප්පල් කරන්න අපට වුවමනාවක් නෑ. සල්ලි නැති ප්‍රශ්නයයි තියෙන්නේ – රංගේ (VIDEO)

Date:

අයවැය ලේඛනයෙන් මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනා ඉදිරිපත් කළත් එම මුදල් මහාභාණ්ඩාගාරයට ලැබෙන්නේද යන ප්‍රශ්නය ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන්න නියෝගයට අපි කිසිසේත්ම අගතියක් කතා කරන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට අපි එකඟයි. අධිකරණ නියෝගයට අපි හිස නවනවා. නමුත් මෙතන රටේ තියෙන ප්‍රශ්නය මෙවැනි තැනකට වඩා වෙනස්, බැරෑරුම්. මොකද මේ රටේ දැන් පතුල හිල්වෙච්චි බංකොලොත් ආර්ථිකයක් තමයි තියෙන්නෙ. දැන් රටේ සල්ලි නැහැ. මහාභාණ්ඩාගාරයේ සල්ලි නැහැ. දැන් මේ යෝජනාව අයවැය ලේඛනයෙන් මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළාට මහාභාණ්ඩාගාරයට මේ මුදල් ලැබෙනවාද කියන එක. මහාභාණ්ඩාගාරයට මුදල් නැත්නම් මුදල් ලබාදෙන්නේ කෙසේද ? මෙන්න මේ ප්‍රායෝගික ගැටලුව තියෙන්නෙ. එහෙම නැතුව රජයට කිසිම අවශ්‍යතාවයක් නෑ මැතිවරණය කල්දාන්නවත් මැතිවරණය කඩාකප්පල් කරන්නවත්”

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...