ඩීසල් පෙට්‍රල් ඇත්තේ කවදා වෙනකල්ද ? දැවිතෙල් එන්නේ කවදාද ? – ගම්මන්පිල පිළිතුරු දෙයි (VIDEO)

Date:

ඊයේ දිනයේදී මුදල් ගෙවීමට එකඟ වූ ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙකේ ඉන්ධන ද ප්‍රමාණවත් වන්නේ ඉතාම සීමිත දින ගණකට පමණක් වුවත් සෑම සතියකදීම තෙල් නැවක් මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

”දැනට මුහුද මැද තියෙන නැව් දෙකට අවශ්‍ය ඩොලර් ලබාදීමට මහබැංකු අධිපතිතුමා එකඟතාවය පළ කළා”

ප්‍රශ්නය – කොපමණ කාලයකට ඇතිද ඒ තෙල් ?

”ඉතාම සීමිත දවස් ගාණක්. අපි ගත්තොත් … ඩීසල් දවස් 8කට ප්‍රමාණවත් වෙයි. පෙට්‍රල් ගත්තොත් දවස් 6කට ප්‍රමාණවත් වෙයි. ඉතින් හැම සතියෙම ඩීසල් නැවක් සහ පෙට්‍රල් නැවක් එනවා. ඒකනෙ හැමදාම මුහුද මැද නැවක් තියෙන්නෙ. අර හැමදාම තියෙන්නෙ එකම නැව නෙවෙයි. එක නැවක් නිදහස් කරගන්නවා, ආයෙ තව දවස් දෙකතුනක් යනවා ඊළඟ නැව නිදහස් කරගන්න”

ප්‍රශ්නය – ඇමතිතුමා, එතකොට විදුලිය කපන කතාව ගැන මොකද කියන්නෙ ?

”විදුලිය කැපෙයිද නැද්ද කියන එක අහන්න ඕනෙ මගෙන් නම් නෙවෙයි. විදුලිබල ඇමතිතුමා තමයි බලධරයා”

ප්‍රශ්නය – දැන් බලාගාර හුඟක් නැවතිලා තියෙන්නෙ මේ තෙල් නැති නිසානෙ ?

”අපට ඒ අය ඉදිරිපත් කරන සැලසුම් අනුවයි අපි තෙල් ලබාදෙන්නෙ. ජනාධිපතිතුමාත් ඒක පිළිගත්තා. ඔවුන් ඉදිරිපත් කරපු සැලසුම්වල තිබ්බ වැරැද්ද තමයි මෙතන තියෙන්නෙ, ඔවුන් ඉදිරිපත් කරපු සැලසුම් අනුව අපි තෙල් ලබාදුන්නා, නමුත් ඔවුන්ගේ සැලසුම්වල වැරැද්දක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි හදිස්සියේ අතරමැද ඒ විදුලි බලාගාර නතර කරන්න සිද්ධවෙලා තිබෙන්නෙ”

ප්‍රශ්නය – ඊයෙ විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවන් කිව්වා එන්න තියෙන දැවිතෙල් නැවත මේ ඩොලර් ප්‍රශ්නය නිසා නතරවෙලා තියෙන්නෙ, දවස් 10ක් යනකොට ප්‍රශ්නය උඝ්ර වෙනවා කියලා ?

”ඇත්තෙන්ම දැවිතෙල් ගෙන්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන ණයවර ලිපි අද (24) දිනයේ විවෘත කරලා දෙන්න පොරොන්දු වුණා. එහෙම අද විවෘත කළත් 7 වෙනිදා 8 වෙනිදා වෙනවා දැවිතෙල් කොළඹට එද්දී. නමුත් අපේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ වෙන නිසා පෙබරවාරි 01 වෙනිදා 02 වෙනිදා වෙනකොට අපට දැවිතෙල් යම් ප්‍රමාණයක් ලබාදීමේ හැකියාව තිබෙනවා”’

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව පිටව යන මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...