මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් දෙදෙනෙකු මැඩගස්කරයේදී අත්අඩංගුවට !

Date:

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල නායකයින් වන පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

නඳුන් චින්තක නොහොත් හරක්කටා සහ සළීඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු එම පිරිස අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එමෙන්ම හරක්කටාගේ බිරිඳ වන මැලගාසි ජාතික කාන්තාවක් ද එම පිරිස අතර සිටින බව සඳහන්.

ඔවුන් පසුගිය පෙබරවාරි 12 වනදා මැඩගස්කරයේ නොසිබි ගුවන් තොටුපළට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇති අතර සුපිරි ධනවතුන් වශයෙන් පෙනී සිට ඇත.

මෙම පිරිස අත් අඩංගුවට පත්ව ඇත්තේ මාර්තු 01 වනදා ඉවාටෝ ගුවන් තොටුපළෙන් එරටින් පිටව යාමට පැමිණි අවස්ථාවේදී බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...