මැතිවරණ කොමිසම අද තීරණයක්‍ ගනීවිද..?

Date:

අද (07) යළි මැතිවරණ කොමිසම වෙත, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙම හමුවේ දී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වැනි දා පැවැත්විය යුතු බවත් අද පෙරවරු 9.00 ට කොමිසම හමුවීමට අවශ්‍ය බව ද පිරිස කොමිසමෙන් ඉල්ලා ඇත.

මැතිවරණ කොමිසමට පවසන්නේ අධිකරණය ලබා දුන් නියෝගයට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන බ්‍රහස්පතින්දාට (09) පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...