ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට මහ බැංකුව විසින් අනිවාර්​ය කරයි!

ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී.

මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දර​ණ අති විශේ​ෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

මෙම රීති නිකුත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින් ශ්‍රි ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගත යුතු ය.

තවද එවැනි විදේශ මුදල් හෝටල් සේවා සැපයුම්කරුගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත්‍රලාභී බැංකුවකට විකිණීම ව්‍යාපාරික දින තුනක් ඇතුළත කළ යුතු ය.

එමෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් විසින් විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත් (ණයපත්, හරපත්, සංචාරක කාඩ්පත් යනා දී) හරහා සිදු කරන ගෙවීම් හෝටල් සේවා සැපයුම්කරුවාගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කළ යුතු ය.

එසේ වුවත්, ශ්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරුකරන්නෙකු හරහා ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාල මුල් ලේඛන ලබා දිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට ශ්‍රි ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් විසින් ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම් භාර ගත හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OHCHR ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා...

දැදුරු ඔය ගංවතුර මට්ටමට – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

කොළඹ LNW:දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු...

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...