*
Monday, January 13, 2025
spot_img

Latest Posts

ඔමික්‍රෝන් කියන්නෙ කොවිඩ්වල අවසානය නෙවෙයි – WHO

ලොව පුරා පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය කොවිඩ් වසංගතයේ අවසානය නොවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉදිරියේදී තවත් අනු ප්‍රභේද ඇතිවිය හැකි බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වනු ඇති බවට විවිධ පුද්ගලයන් ප්‍රකාශ කර ඇති නමුත් එම ප්‍රකාශ පිළිගැනීමට තරම් සාක්ෂි නොමැති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

කෙසේ නමුත් මෙම වසර අවසන්වීමට ප්‍රථම කොවිඩ් වසංගත තත්වය අවසන් කරගත හැකි වනු ඇති බවට ඔහු විස්වාසය පළ කරනවා.

සියලු රටවල ජනගහනයෙන් අවම වශයෙන් 70% ක් පමණ වසර මැද වනවිට පූර්ණ එන්නත්කරණය ලක් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කය වන අතර එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිය ප්‍රකාශ කරයි. එම ඉලක්කය සපුරා ගතහොත් වසර මැද වනවිට ගෝලීය වසංගත තත්වයෙන් මිදිය හැකි බවද ඔහු සඳහන් කරයි.

ඇතැම් රටවල මෙම ඉලක්කය මේ වනවිටත් සපුරා ඇති නමුත්, දියුණුවෙමින් පවතින ඇතැම් රටවල විශේෂයෙන් අප්‍රිකානු කලාපයේ ඇතැම් රටවල තවමත් ජනතාවගෙන් තුනෙන් එකක් හෝ පූර්ණ එන්නත්කරණයට ලක්කර නොමැත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan