වගා හානිවලට වන්දි ගෙවන්න මිලියන 40,000 ක්

Date:

මහ කන්නයේ වගා හානි සිදු වූ වී ගොවීන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 40,000 ක් වෙන් කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අඩුවන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් 25 බැගින් ගෙවීමටත් තීරණය කර තිබෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ වගා හානි සඳහා වන්දි ලබා දෙන්නේ කාබනික පොහොර භාවිතා කළ ගොවීන් සඳහා පමණක් බවයි. වී වගාව සඳහා කාබනික පොහොර වර්ග 04 ක් හඳුන්වා දී තිබූ අතර ඉන් එක් පොහොර වර්ගයක් හෝ භාවිතා කළ ගොවීන්ට පමණක් වන්දි හිමි වේ.

මේ අතර අද දිනයේ සිට වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට කටයුතු කරන බව කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. සෑම වී කිලෝවක් සඳහාම රුපියල් 75 ක මුදලක් ලබාදීමට නියමිතය.

කෙසේ නමුත් පෞද්ගලික වී මෝල් හිමියන් මේ වනවිටත් රුපියල් 100 ඉක්මවා මිලකට වී මිලදී ගනිමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ට කාගෙන්වත් සහතික ඕනේ නෑ. ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා අත්දැකීම් තියෙන නායකයෙක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත්...

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...