වගා හානිවලට වන්දි ගෙවන්න මිලියන 40,000 ක්

Date:

මහ කන්නයේ වගා හානි සිදු වූ වී ගොවීන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 40,000 ක් වෙන් කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අඩුවන සෑම වී කිලෝවක් සඳහාම රුපියල් 25 බැගින් ගෙවීමටත් තීරණය කර තිබෙන්නේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ වගා හානි සඳහා වන්දි ලබා දෙන්නේ කාබනික පොහොර භාවිතා කළ ගොවීන් සඳහා පමණක් බවයි. වී වගාව සඳහා කාබනික පොහොර වර්ග 04 ක් හඳුන්වා දී තිබූ අතර ඉන් එක් පොහොර වර්ගයක් හෝ භාවිතා කළ ගොවීන්ට පමණක් වන්දි හිමි වේ.

මේ අතර අද දිනයේ සිට වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට කටයුතු කරන බව කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. සෑම වී කිලෝවක් සඳහාම රුපියල් 75 ක මුදලක් ලබාදීමට නියමිතය.

කෙසේ නමුත් පෞද්ගලික වී මෝල් හිමියන් මේ වනවිටත් රුපියල් 100 ඉක්මවා මිලකට වී මිලදී ගනිමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...