විදුලි අර්බුදය බරපතලයි – වායු සමීකරණ විදුලි පංකා භාවිතය අවම කරන්න

Date:

දෛනිකව පැය 02 සිට 09 දක්වා කාලසීමාවක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබිණි. ඊට අවසර ලබා දෙන්නේද යන්න අද දිනයේදී තීරණය කිරීමට නියමිතය.

විදුලි බලාගාරවල තත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දෙන බවයි කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

අනාගත විදුලි ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය විදුලි බලාගාර වසර කිහිපයක් තිස්සේ ඉදි කිරීමට අසමත් වීම වත්මන් විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ 2016 වසරේ සිට මේ පිළිබඳව කොමිසම රජයට අනතුරු අඟවා සිටි බවයි. කෙසේ නමුත් එම අනතුරු ඇඟවීම් පිළිබඳව සැලකිලිමත් වීමට අසමත් වූ බවද ඔහු පවසනවා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතරම් පිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙසයි. විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්‍ර, විදුලි පංකා වැනි වැඩි විදුලි ධාරිතාවයක් අවශ්‍ය වන උපකරණ භාවිතා කිරීම හැකිතරම් සීමා කර ගතහොත් විදුලි බිඳවැටීම් අවම කරගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...