ජන්දය තිබ්බොත් අපි දිනනවා – වැඩේට අපි ලෑස්තියි (VIDEO)

පළාත් පාලන මැතිවරණය පැවැත්වුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ජයග්‍රහණය කරන අතර මේ වන විටත් පක්ෂයක් ලෙස ජන්දයට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

මැතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් උපදෙස් ලැබුණු බවත් බිම් මට්ටමේ සිට වැඩ කර ඇති හෙයින් වේදිකාවල කරණම් ගැසීමේ අවශ්‍යතාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම නිවසේදී පොහොට්ටු මන්ත්‍රීවරු සහ සංවිධායකින් කැඳවා සාකච්ජාවක් සිදුකළ අතර ඉන් අනතුරුවයි පියල් නිශාන්ත මහතා මෙලෙස මාධ්‍යයට අදහස් දක්වා තිබුණේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සූදානම් බව කීමට සිදුව ඇත්තේ වුපක්ෂයේ ඇතැමුන් මැතිවරණයක් ඉල්ලුවද ඔවුන්ට අත්වන ඉරණම කුමක්ද යන්න ඔවුන්ගේ හෘද සාක්ෂිය දන්නා බැවින් යයිද මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...