සවුති සහ හෙන්රි ශ්‍රී ලංකාවට දුර යන්න ඉඩ නොදෙයි

Date:

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ඉණිම ඉක්මණින් හමාර කරන්නට නවසීලන්ත නායක ටිම් සවුති සහ මැට් හේන්රි පෙරමුණ ගත්තා.පමු දිනය අවසානයේ කඩුලු 6 ට 305 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉණිමට තව් ලකුණු 50 ක් එක් වෙද්දී ඉතිරි කඩුලු හතරම දෙක බැඟින් සවුති සහ හෙන්රි විසින් බෙදා ගත්තා.

ඒ අනුව ටිම් සවුති තමන්ගේ ක්‍රිකට් දිවියේ 15 වන වරටත් කඩුලු 5 සීමාවට පැමිණී පන්දු යවන්නෙක් බවට පත් වෙමින් ලකුණු 64 ට කඩුලු 5 ක් දවා ගත්තා.මැට් හෙන්රි කඩුලු 4 ක් දවා ගත් අතර ඔහු විසින් ලකුණු 80 ක් ලබා දී තිබුණා.

පළමු දිනය නිමාවේ ඉතිරිව සිටි එකම විශ්වාසදායක පිතිකරුවා වූ ධනංජය සිල්වාට අද දවසේ ඔහු ලබා සිටි ලකුණු 39 ට එකතු කරන්නට හැකි වූයේ තවත් ලකුණු 7 ක් පමණයි.ඔහු ලකුණු 46 ට දැවී ගිය අතර කසුන් රාජිත ඊයේ ලබා සිටි ලකුණු 16 ට තවත් ලකුණු 6 ක් එක් වෙද්දී ලකුණු 22 ට දැවී ගියා.හත්වන කඩුල්ල ලෙස ධනංජයත් (316),අටවන කඩුල්ල ලෙස කසුන් රාජිතත් (331) දැවී ගිය පසුව තවත් ලකුණු 24 ක් එක් කර ගන්නට පසු පෙළ පිතිකරුවන් ද සමත් වෙමින් ලකුණු 355 කරා රැඟෙන එන්නට සමත් වුණ තරගයේ ලකුණු විස්තරයට පහත සබැඳියෙන් පිවිස තරගය නිමා වන තුරුම සජීවී ලකුණු සටහනට ද පිවිසෙන්නට හැකියාව තිබෙනවා.
https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-1st-test-1322357/live-cricket-score
ඡායාරූපයේ දැක්වෙන්නේ කඩුලු පහක් දවා ගත් නවසීලන්ත නායකයා ශ්‍රි ලංකා ඉණිම නිමාවේ කණ්ඩායම සමඟ ක්‍රීඩාගාරයට පිවිසෙන අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...