විදෙස් රැකියා වංචාවක් කර සැඟව සිටි ජාජබ අපේක්ෂකයකු අත්අඩංගුවට !

Date:

තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගන ගොස් අතරමං කර මුදල් වංචා කිරීමේ චෝදනා මත අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයකු අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ චෝදනා එල්ල වීමෙන් පසුව මෙම සැකකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟව සිට ඇති අතර ඊයේ (09) දිනයේදී ඔහු නීතීඥයකු මාර්ගයෙන් එම කාර්යාංශයට භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේ ද අදහස් පළ වූ අතර ඉන් අනතුරුව ඔහු නීතීඥයකු මාර්ගයෙන් මෙසේ භාර වී ඇත. ඔහුව අද (10) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...