රටේ පාලනයක් වෙන වෙලාවේ වර්ජන සුදුසු නැහැ.හරිතලාගේ වර්ජනයට අපි නැහැ (VIDEO)

Date:

මේ වන විට ඩොලරය ශක්තිමත් වී රටේ පාලනයක් ඇතිවන මොහොතක වර්ජන කිරීම සුදුසු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

13 වැනිදා සිට දින තුනක් එකදිගට වර්ජනයේ යෙදෙන්නේ රජයේ රෝහල්වල මිස පෞද්ගලික රෝහල් තුළ නොවන බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

වෛද්‍යවරු බදු ගෙවන්නේ පළමු වතාවට නොවන අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොතේ කටයුතු කළ යුත්තේ දේශපාලනික පැත්තෙන් නොව බුද්ධිමත්ව බවද බෙල්ලන මහතා කියාසිටියි.

බදු ගෙවිය නොහැකි බවට ප්‍රකාශ කිරීම වැරදි පූර්වාදර්ශයක් බවත් එය මීට පෙර වෛද්‍ය පාදෙණිය රටට කළ හානියට වඩා හානියක් සිදුවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සහය එම වැඩවර්ජනයට නොලැබෙන බවද වෛද්‍ය බෙල්ලන මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...