ඇමති ටිරාන්ව කැඳවීම පිළිබඳ මානව හිමිකම් කොමිසමේ බෙදීමක්

Date:

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමේ තීන්දුව සම්බන්ධයෙන් එම කොමිසමේ සාමාජිකයින් අතර බෙදීමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, එම තීන්දුවට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව එම කොමිසමේ සාමාජිකයින් පස් දෙනාගෙන් හතර දෙනෙකුම ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ විශ්ව විද්‍යාලය අවටත් මාර්තු 8 කැළණිය විශ්ව විද්‍යාලය අවටත් පැවති උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා හෙට (13) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාව කොමිසම හමුවට කැඳවන බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

මෙම කොමිසමේ සභාපතිනිය වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය වන අතර පුජ්‍ය කළුපහන පියරතන හිමි, වෛද්‍ය නිමල් කරුනාසිරි, ආචාර්ය විජිත නානායක්කාර , අනුෂියා ෂම්මුගනාදන් යන අය මෙහි සෙසු සාමාජිකයින් වේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබිණි.

ඇතැම් මාධ්‍ය කළ විමසීම්වලදී මෙම කොමිසමේ සභාපතිනිය හැර සෙසු සියලුම සාමාජිකයින් ප්‍රකාශ කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව මානව හිමිකම් කොමිසම හමුවට කැඳවීමේ තීරණය මෙම කොමිසම විසින් ගත් තීරණයක් නොවන බවයි. කොමිසම පෙබරවාරි 28 වනදායින් පසුව රැස්වී නොමැති බවත් ඔවුන් සඳහන් කර ඇත. මෙවන් තීරණයක් ගැන තමන් දැනගත්තේ ද ජනමාධ්‍ය ඔස්සේ බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. මෙම කොමිසමේ සාමාජික කළුපහන පියරතන හිමි මේ දිනවල සිටින්නේ විදෙස්ගතව ය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, කොමිසම විසින් සිදුකරන විමර්ශනයක් සඳහා කිසියම් පුද්ගලයකු කැඳවීමට විමර්ශනය සිදුකරනු ලබන නිලධාරියට හෝ නිලධාරිනියට බලය ඇති බවයි. ඒ සඳහා කොමිසමේ සාමාජිකයින්ගේ එකඟතාවයක් අවශ්‍ය නොවන බව ද ඔහු සඳහන් කළේය. අඩුම වශයෙන් සභාපතිනිය ගේ හෝ එකඟතාවයක් අවශ්‍ය නොවනබව ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිවරයකු වූ නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සම්බන්ධ සිදුවීමකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පළමුව කළ යුත්තේ ඊට අදාළ රාජ්‍ය ආයතනයේ නිලධාරීන් හරහා වාර්තාවක් කැඳවා අධ්‍යයනය කිරීම මිස එහි විෂය භාර ඇමතිවරයා කැඳවීම නොවන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...