විමල් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් අද (13) නිකුත් කර තිබේ.

ඒ, 2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී මහජනතාවට පීඩාවක් සිදුවන ආකාරයෙන් උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් වීරවංශ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අද දිනයේ විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කෙරිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...