ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය AUKUS න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම් එළිදක්වයි

Date:

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එක්ව සැන් ඩියාගෝ හිදී එළිදක්වන ලද AUKUS න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම් වලට අනුව ඉදිරියේදී ඕස්ට්‍රේලියාව ඇමරිකානු වර්ජිනියා පන්තියේ න්‍යෂ්ටික සබ්මැරීන තුනක් ඩොලර් බිලියන 9කට මිලදී ගනු ඇති බව වාර්තා වේ.

මෙම මූලික ගිවිසුම 2030 දක්වා මෙම මූළික සැළසුම්කර ඇති අතර බීජිං හි වැඩෙන මිලිටරි ශක්තිය හේතුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතීන් තුන විසින් දරන උත්සාහයේ කොටසකි. කෘත්‍රිම බුද්ධි හැකියාවන්, හයිපර්සොනික් ආයුධ සහ අනෙකුත් දියුණු තාක්‍ෂණ ගොඩනැගීම සඳහා සහයෝගීතාවයේ කැපවීම එයට ඇතුළත් වේ.

මෙහිදී ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර තිබුණේ වසර 65 කට පසු එක්සත් ජනපදය සිය න්‍යෂ්ටික ප්‍රචාලන තාක්‍ෂණය බෙදාගත් පළමු අවස්ථාව මෙය වන බවත් ඒ සඳහා අපි ඔබට ස්තූතිවන්ත වන බවත්ය. රුසියාවේ නීති විරෝධී යුක්රේනය ආක්‍රමණය කිරීම, චීනයේ වර්ධනය වන ප්‍රකාශය සහ ඉරානයේ සහ උතුරු කොරියාවේ අස්ථාවර හැසිරීම ඇතුළුව වැඩෙන අභියෝග හේතුවෙන් එක්සත් රාජධානිය මේ සඳහා සිය සහයෝගය දක්වන බව එහි අගමැති රිෂි සුනක් විසින් මෙහිදී සඳහන් කර තිබිණ.

ඒ අනුව මෙහි දිගුකාලීන සැළැස්මේ කොටසක් ලෙස මීට පෙර එක්සත් ජනපදය විසින් එක්සත් රාජධානිය සමඟ පමණක් බෙදාගත් රහසිගත න්‍යෂ්ටික තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ හවුල්කරුවෙකු බවට ඕස්ට්‍රේලියාව පත් කිරීමට නියමිත වන අතර ඕස්ට්‍රේලියානු හමුදා සහ සිවිල් නිලධාරීන් එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ නාවික හමුදාවන් සමඟ සහ එම රටවල න්‍යෂ්ටික සබ්මැරීන කඳවුරුවලට සම්බන්ධ වේ.
මෙහිදී ඕස්ට්‍රේලියාවට ඔවුන්ගේම යටිතල පහසුකම්, තාක්‍ෂණික හැකියාවන්, කර්මාන්ත සහ මානව ප්‍රාග්ධනය ලබා දීමද අපේක්ෂා කෙරේ.

~ සශිකලා මධුෂාණී

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...