දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (13) කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙවන් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණේ 2022 ජුලි 18 වනදා ය.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එකී පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශණය ද ලැබී ඇත.
RN