සංවිධානාත්මක අපරාධකරුවෙකුට ජාත්‍යන්තර පොලීසියෙන් විවෘත වරෙන්තුවක්

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තාව ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇති බවයි .බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අවිස්සාවේල්ල අධිකරණයෙන් එම අවසරය ලබාගෙන ඇති අතර , ඩුබායි රටේ සැඟවී සිට හංවැල්ල සහ ඊට ආසන්න ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හා එම ප්‍රදේශවල පුද්ගලයන් කිහිපදෙනෙකුව තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයා බවටත් මෙම සැකකරුව හඳුනාගෙන තිබේ.හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඩුබායි හි සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙසද ඔහුව හඳුනාගෙන ඇති අතර , ඊට අමතරව හංවැල්ල හා ඊට තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරම ද සැකකරු ගෝලබාලයන් ලවා මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව තොරතුරු හෙලිවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තද වැසි – අද (11) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 11) දිනයේදී දිවයිනේ බොහෝ...